බ්‍රිතාන්‍ය වැසියන් අතරේ බෙදීමක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 9, 2021

බ්‍රිතාන්‍ය වැසියන් අතරේ බෙදීමක්

මේගන් මර්කෙල් සහ හැරී කුමරුන්ගේ සම්මුඛ සාකච්ඡාව විකාශය වීමෙන් අනතුරුව රජ පවුල තුළ අර්බුද රැසක් නිර්මාණය වී ඇතැයි වාර්තා වේ. 

කළු ජාතික බ්‍රිතාන්‍යය වැසියන්ගෙන් බ්‍රිතාන්‍ය රජ පවුලට මේ වනවිට දැඩි විරෝධයක් එල්ල වී තිබෙන අතර ව්‍යුහගත වර්ගවාදය සම්බන්ධයෙන් මේ වනවිට දැඩි කතාබහක් ඇති වී තිබේ. 

හැරී-මේගන් යුවලගේ පළමු දරුවා වන ආචිගේ සමේ පැහැය සම්බන්ධයෙන් ඇති වූ කතාබහ මේ වනවිට ප්‍රධාන මාතෘකාවක් බවට පත් වී තිබේ. 

මේගන් මර්කෙල් ගැබ්බර වී සිටින සමයේදී ඔවුන්ගේ පළමු දරුවාගේ සමේ පැහැය කුමක් වනු ඇත් ද යන්න රජ මාලිගය තුළ දැඩි කතාබහට ලක්ව තිබෙන අතර දරුවාගේ සමේ පැහැය කළු වුවහොත් දරුවාට රාජකීයත්වය අහිමි කිරීම සම්බන්ධයෙන් කතාබහ ඇති වී තිබේ. 

 කෙසේ නමුත් බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජින හෝ පිලිප් කුමරු මේ කතාබහවලට සම්බන්ධ නොවුණු බව ද හැරී-මේගන් යුවල සම්මුඛ සාකච්ඡාවේදී කීහ. 

 ලෝක ප්‍රකට ඔෆ්රා වින්ෆ්‍රි මෙම සම්මුඛ සාකච්ඡා මෙහෙයවූ අතර සාකච්ඡාවේ අවස්ථා කිහිපයකදීම මේගන් මර්කෙල් සංවේදී වූවා ය. 

හැරී-මේගන් යුවල මෙම සම්මුඛ සාකච්ඡාවේදී රජ පවුලේ අභ්‍යන්තරය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක කරුණු රැසක් අනාවරණය කළහ. 

 රාජකීය පවුලේ සාමාජිකයකු ලෙස තමන් ගත කළ ජීවිතය සංවේදී සහ දැඩි හුදෙකලා බවකින් යුතු වූ බව ද තමන්ට සියදිවි නසා ගැනීමට පවා සිතුණු බව ද මේගන් සම්මුඛ සාකච්ඡාවේ දී සඳහන් කළාය. උදව් උපකාර ඉල්ලූ අවස්ථාවලදී රජ පවුලේ නිලධාරීන් තමන්ට තරවටු කළ බව ද ඇය කීවාය. 

මෙම සම්මුඛ සාකච්ඡාවේ ඇමෙරිකාවේ සී.බී.සී. නාලිකාව විසින් විකාශය කරනු ලැබූ අතර ඊයේ (8) රාත්‍රියේ බ්‍රිතාන්‍යයේ විකාශය කෙරුණු. 

මෙම සම්මුඛ සාකච්ඡාව හේතුවෙන් බ්‍රිතාන්‍ය තුළ බෙදීමක් ද නිර්මාණය වී තිබෙන බ්‍රිතාන්‍ය මාධ්‍යවල ප්‍රධාන මාතෘකාවක් බවට පත් වී තිබේ. සම්මුඛ සාකච්ඡාව විකාශය වූ අවස්ථාවේ සිට බ්‍රිතාන්‍ය මාධ්‍ය මේ සම්බන්ධයෙන් අඛණ්ඩ ප්‍රවෘත්ති වාර්තාකරණයක නිරත වී සිටියි. 

සමාජ මාධ්‍ය තුළ මේ සම්බන්ධයෙන් දැඩි කතාබහක් ඇති වී තිබෙන අතර පිරිසක් හැරී-මේගන් යුවලට පක්ෂවත් තවත් පිරිසක් ඔවුන්ට විරුද්ධවත් අදහස් දක්වමින් සිටිති. 

මෙම සම්මුඛ සාකච්ඡාව සම්බන්ධයෙන් රජ පවුල මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත. රජ පවුලේ සිදුවීම් සම්බන්ධයෙන් මැදිහත් නොවී සිටීමට තමන්ට අවශ්‍ය යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් කීය. 

ද නිව්යෝක් ටයිම්ස්

Classified_Ad

Classified_Ad_News_Bottom