බයිඩන් සුබ පතයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Apr 14, 2021

බයිඩන් සුබ පතයි

සිය සාම්ප්‍රදායික අලුත් අවුරුද්ද සමරන ශ්‍රී ලාංකිකයන් ඇතුළු දකුණු ආසියාතිකයන්ට සහ ඇමෙරිකාවේ වෙසෙන දකුණු ආසියානු ප්‍රජාවට ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සුබ පැතුම් එක් කර ඇත. 

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙලෙස දකුණු ආසියාතිකයන්ට සුබ පැතුම් එක් කර ඇති සිංහල ඇතුළු ආසියානු භාෂා කිහිපයකින්ම ඇමෙරිකානු ජනාධිපතිවරයා සුබ පැතුම් එක් කර තිබිණි. 

ධුරයේ සිටින ජනාධිපතිවරයකු සිංහල බසින් ශ්‍රී ලංකාකියන්ට සුබ පැතුම් එක් කළ පළමු අවස්ථාව මෙය විය හැකි යැයි ‘ඉකොනොමි නෙක්ස්ට්’ වෙබ් අඩවිය වාර්තා කර තිබිණි. 

හින්දු ජාතිකයන් ඊයේ සහ අද නවරාත්‍රී සහ වයිසාකී වැනි උත්සව ද තායි වැසියෝ සොංක්‍රන් උත්සවය ද සමරති. මෙම උත්සව බෙහෙවින් සාම්ප්‍රදායික අලුත් අවුරුදු උත්සව වේ. 

මේ අතර ඇමෙරිකානු ජනාධිපතිවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ද සුබ පැතුම් එක් කර තිබිණි.

“මේ සතියේ දී අලුත් අවුරුද්ද සහ වයිසාකි, නවරාත්‍රී, සොංක්‍රන් උත්සව සමරන දකුණු ආසියාතිකයන්ට සහ අග්නිදිග ආසියාතිකයන්ට මම සහ ජිල් (ජනාධිපතිවරයාගේ බිරිඳ) උණුසුම් සුබ පැතුම් එක් කරනවා. බෙංගාල, කාම්බෝජ, ලාඕස, මියන්මාර, නේපාල, සිංහල, දෙමළ, තායි සහ විෂු සුබ අලුත් අවුරුද්දක්!.” යනුවෙන් එහි දැක්විණි.

Classified_Ad