

2020 වසරේ ලෝක විවාහක රූ රැජින ලෙස කිරුළ දැරෑ කැරොලයින් ජූරි ගේ ඉල්ලා අස්වීම පිළිගත් ලෝක විවාහක රූ රැජින සංවිධායක මණ්ඩලය එම කිරුළ එම වසරේ පැවති තරගාවලියේ දෙවන ස්ථානය දිනා ගත් අයර්ලන්තයේ කේට් ස්නයිඩර් වෙත ප්රතදානය කර ඇත.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ලෝක විවාහක රූ රැජින තරගයේ සංවිධායක මණ්ඩලය කියා සිටින්නේ තම සංවිධානය කැරොලයින් ජූරි 2020 වසරේ ලෝක විවාහක රූ රැජින කිරැලෙන් ඉවත් වීමට ස්වේච්ඡාවෙන්ම ගත් තීරණය තම සංවිධානය පිලි ගන්නා බවත්, එම කිරුළ අයර්ලන්ත විවාහක රූ රැජින වෙත ප්ර දානය කරන බවය.
එසේම කැරොලයින් ජූරි මහත්මියට සිය පවුලේ අය සමග සාමකාමී ජීවිතයක් ගත කිරීමටද ලෝක විවාහක රූ රැජින සංවිධායක මණ්ඩලය සිය සුබ පැතුම් එක් කර ඇත.
ඉකුත් අප්‍රේල් 4 වැනිදා කොළඹදී පැවති ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගයේ ඇති වූ සිද්ධියක් මත 2020 වසරේ ලෝක විවාහක රූ රැජින ලෙස කිරුළු පැලදී කැරොලයින් ජූරි මහත්මිය සිය ධූරයෙන් ඉවත් වන බව ඉකුත් දා නිවේදනය කළාය.
ඒ අනුව පසුගිය වසරේදී තමා ජයග්රකහණය කළ ලෝක විවාහක රූ රැජින කිරුළ අත්හැරීමට තීරණය කළ බව කැරොලයින් ජූරි මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළාය.
2021 විවාහක රූ රැජින තේරීමේ තරඟයේදී සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් කණගාටුව පළ කරන අතර කිසිදු අයෙකු අපහසුතාවයට පත් කිරීමට එම කාර්යය සිදු නොකළ බව ඇය පවසයි.
එම තරඟයේ අවසන් වටයට තේරී පත් වූ උපරිමයෙන් කටයුතු කළ සියලු තරඟකාරිනියන්ට සාධාරණ හා සැමට සමාන වූ අවස්ථාවක් හිමිවන තරග පසුබිමක් නිර්මාණය කිරීම වෙනුවෙන් තමා පෙනී සිටි බව කැරොලයින් ජූරි මහත්මිය සිය නිවේදනය මගින් සඳහන් කර තිබුණි.
පසුගියදා පැවති මෙරට විවාහක රූ රැජින තෝරාපත් කර ගැනීම සඳහා පැවති තරඟයේදී කිරුළ හිමිකරගත් පුෂ්පිකා ද සිල්වා මහත්මිය දික්කසාද වූ අයෙකු බව පවසමින් ඇයට හිමි වූ කිරුළ එහි දෙවන ස්ථානය හිමි කරගත් තරඟකාරියට ලබාදීමට කැරොලයින් ජූරි මහත්මිය කටයුතු කළේය.