මුදල් ඇමැතිගේ තීරණයට කැබිනට් මණ්ඩලය හරස් වෙයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Apr 3, 2021

මුදල් ඇමැතිගේ තීරණයට කැබිනට් මණ්ඩලය හරස් වෙයි

වසර දෙකක් තිස්සේ පැවැති තහනම ඉවත් කරමින්, ඉන්දියාවෙන් කපු සහ සීනි ආනයනය කිරීමට පාකිස්තාන මුදල් ඇමැතිවරයා කළ යෝජනාව, පාකිස්තාන කැබිනට් මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත. 

මුදල් ඇමැති හමාද් අසාර් සහ එරට වෙළෙඳ සහයෝගීතා මණ්ඩලය, පසුගිය 31 වැනිදා යෝජනා කළේ, වසර දෙකක් තිස්සේ පැවැති තහනම ඉවත් කර, ඉන්දියාවෙන් කපු සහ සීනි ආනයන සඳහා පෞද්ගලික අංශයට අවස්ථාවක් ලබා දිය යුතු බවය. 

‘පාකිස්තාන වෙළෙඳ සහයෝගීතා මණ්ඩලය’ ඇත්තේ මුදල් ඇමැතිවරයා යටතේය. 

ඉන්දියාවෙන් යළි සීනි සහ කපු පාකිස්තානයේ සුදු සීනි මිල සහ කපු මිල ඉහළ යෑම පාලනය කිරීමට හැකිවනු ඇති බව ද සිය යෝජනාව ඉදිරිපත් කරමින් මුදල් ඇමැතිවරයා කැබිනට් මණ්ඩලයට පැහැදිලි කර දුන්නේය.

කෙසේ නමුත් කැබිනට් මණ්ඩලය යෝජනාවට අනුමැතිය ලබා නොදුන් බැවින් එය මේ වනවිට තාවකාලිකව අත්හිටුවා ඇත.

ඉන්දියාව සමඟ යහපත් සබඳතා ඇති කර ගැනීමට උත්සාහ ගන්නා පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මාධ්‍ය හමුවේ කියා සිටියේ, කැබිනට් මණ්ඩලය ගත් තීරණය කනගාටුවට කරුණක් බවය. 

‘මේ යෝජනාව බොහෝ දෙනාට වාසිසහගත වීමට ඉඩ තිබුණා. ඒත් පටු දේශපාලනය ඊට හරස් වුණා. ඒක කනගාටුවට කරුණක්’ යැයි අග්‍රාමාත්‍ය ඉම්රාන් මාධ්‍ය හමුවේ පෙන්වා දී ඇත.

මේ වනවිට පාකිස්තානය සහ ඉන්දියාව අතර යහපත් සබඳතා ද නිර්මාණය වෙමින් පවතී. සාමකාමී මිත්‍රත්වයකට කැමැති බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද අවධාරණය කර ඇත. ඉන්දියාවත් පාකිස්තානයත් අතර මෙසේ යහපත් සබඳතා වර්ධනය වෙමින් පවතින්නේ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ මැදිහත් වීමෙනි. 

AFP

Classified_Ad

Classified_Ad_News_Bottom