අවුරුද්දෙන් පසු අවදානම් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Apr 12, 2021

අවුරුද්දෙන් පසු අවදානම්

කොරෝනා නව විකෘති ප්‍රභේද සෙවීමේ පරික්ෂණ සිංහල - හින්දු අලුත් අවුරුද්දෙන් පසුව ලබන 19 වැනි දා නැවත අරඹන බව, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයනංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජිවන්දර මහතා පවසයි. 

එම පරීක්ෂණ සඳහා සාම්පල එකතු කිරීමේ කටයුතු මේ දිනවල සිදු කෙරෙන බව ද ඔහු කියයි. 

මේ අතර, කොවිඩ් නීති ගණන් නොගෙන සාප්පු සවාරි යන සුළු පිරසකගේ හැසිරීම කනගාටුදායක බවත් ජනතාව මේ ආකාරයට හිතුමතේ කටයුතු කළහොත් ලබන මැයි මාසයේ දී නරක ප්‍රතිඵල භුක්ති විදීමට සිදුවනු ඇති බවත් කොවිඩ් - 19 පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කනස්සල්ල පළ කර ඇත.

අවුරුදු සමයේදී කෝවිඩ් නීති අනුගමනය නොකර හැසිරුණහොත් වෙසක් උත්සවය සැමරිය නොහැකි වනු ඇතැයි ද යුද හමුදාපතිවරයා පැහැදිලි කර ඇත.

බොහෝ ජනතාව බුද්ධිමත් ආකාරයට කටයුතු කිරීම නිසාත් ජනතාවගෙන් ලැබුණු ඉහළ සහයෝගය නිසා කෝවිඩ් ව්‍යාප්තිය සැලකියයුතු ලෙස පාලනය කර ගැනීමට හැකි වූ බව කී ශවේන්ද්‍ර සිල්වා මහතා කෝවිඩ් රෝගීන් සංඛ්‍යාව දිනකට 200කට අවම මට්ටමින් පවත්වාගෙන යෑමට හැකිවීම විශාල ජයග්‍රහණයක් බව ද සඳහන් කර තිබේ.

Classified_Ad

Classified_Ad_News_Bottom