සිරුර සුවපත් කරන හොඳම ඔසුව - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Apr 5, 2021

සිරුර සුවපත් කරන හොඳම ඔසුව

දිනකට ප්‍රමාණවත් ලෙස නින්ද නොලැබීම නිසා ශරීරයේ ප්‍රතිශක්තීකරණ ක්‍රියාවලිය දුර්වල වන බවට නවතම පරීක්ෂණයකින් තහවුරු වී ඇත.

මේ බව තහවුරු වී ඇත්ඇතේ, මෙරිකාවේ වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය විද්‍යා අංශයේ ( UW Medicine Sleep Center ) විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් සිදුකළ නවතම පරීක්ෂාවකිනි.

ඔවුන් විසින් අදාළ පරීක්ෂණ සිදු කර ඇත්තේ නිවුන් පුද්ගලයන් 11 දෙනෙකු යොදා ගෙනය.

එහිදී  රුධිර සාම්පල පරීක්ෂා කර ඇති අතර පසුව හෙළිවී ඇත්තේ නින්ද ලැබූ සහෝදර සහෝදරියන්ට වඩා නින්ද නොලැබූ සහෝදර සහෝදරියන්ගේ ප්‍රතිශක්තීකරණය ඉතා දුර්වල බවය. 

අදාල ලැබීම හේතුවෙන් දියවැඩියාව වැනි රෝගයන්ද වැළඳීමේ වැඩි ඉඩකඩක් පවතින බවය. 

මේ අතර ප්‍රමාණවත් නින්ද නොලැබූ පුද්ගලයන් විවිධ රෝගී තත්වයන්ට ගොදුරුවන අතර එම රෝග ඉක්මනින් සුව නොවීමටද මෙම තත්වය හේතුවන බව ඔවුන් පැහැදිලි කර ඇත.

ප්‍රමාණවත් නින්දක් නොලැබීම, දියවැඩියාව වැනි රෝගවලටද සෘජු ලෙස බලපාන බව එම වෛද්‍යවරුන් පෙන්වා දෙයි.

එසේම ඔවුන්ගේ පරික්ෂණවලට අනුව ප්‍රමාණවත් නින්දක් නොලැබූ පුද්ගලයන් ලෙඩ රෝගවලට ගොදුරුවීමේ වැඩි ප්‍රවණතාවක් ද පවතී.

එම රෝග ඉක්මනින් සුව වන්නේ නැති බව ද හෙළි කරගෙන තිබේ.

කෙසේ වෙතත් ඔවුන් එම වාර්තාවේ සඳහන් කර ඇත්තේ සෑම පුද්ගලයකුම දිනකට අනිවාර්යෙන්ම පැය 7 ත් 8 ත් අතර ප්‍රමාණයක නින්දක් ලබාගතයුතු බවය.

Classified_Ad

Classified_Ad_News_Bottom