සාබා විවාහය අවලංගු කරලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Apr 5, 2021

සාබා විවාහය අවලංගු කරලා

අවසන් මොහොතේ තම විවාහය අවලංගු කළ බව ජනප්‍රිය පාකිස්තාන රංගන ශිලිපිනියක වන සාබා කමාර් ඇගේ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ඔස්සේ පවසා තිබේ. 

35 හැවිරිදි සාබා, විවාහ වීමට සැලැසුම් කර තිබුණේ ව්‍යාපාරිකයකු වන අසීම් ඛාන් සමඟය. කෙසේ නමුත් අවසන් මොහොතේ එය අවලංගු කිරීමට තමන් තීරණය කළේ තමන් සහ අසීම් ඛාන්ගේ අදහස් නොගැලපෙන බැවින් යැයි සාබා පැහැදිලි කරයි. 

'මාගේ විවාහය සිදුවන්නේ නැහැ. අසීම් ඛාන් දැන හඳුනා ගත්තේ දුරකතනයෙන්. අප දෙන්නා කිසිම දිනෙක හමුවෙලා නැහැ. මා හිතන්නේ අපේ ගැලපීමක් නැහැ. ඒ නිසා විවාහය සිදුවෙන්නේ නැහැ.' යනුවෙන් සාබා, ඉන්ස්ටග්‍රෑම් හරහා පළ කළ නිවේදනයක දැක්වෙයි. 
සම්මානීය නිළියක සාබා කම්රාන් සමාන් පාකිස්තාන රංගන ශිල්පිනියක පමණක් නොව, රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන නිවේදිකාවක ද වෙයි. එපමණක් නොව ඇය සමාජ ක්‍රියාකාරිනියකි. සාබා උපත ලැබුවේ 1985 අප්‍රේල් මාසයේ අද (5) වැනි දිනකය. 

පාකිස්තානයේ අතිශය ජනප්‍රිය, වැඩිම මුදලක් උපයන රංගන ශිල්පිනියක් ලෙස සාබා සැලකෙයි. සාම්ප්‍රදායික උර්දු කාන්තාවකගේ චරිතයෙන් ඔබ්බට ගිය රංගන ශිල්පිනියක ලෙස ඇය සිනමා විචාරකයන්ගේ පැසැසුමට ලක් වී තිබේ. 

සාබා කමාර් බොලිවුඩයේ නමක් දිනා ගත්තේ 2017 වසරේ තිරගත වුණු 'හින්දි මීඩියම්' චිත්‍රපටයෙනි. මෙය ඉන්දියාවේ වැඩිම ආදායමක් උපයා ඇති චිත්‍රපටවලින් එකකි. 

NDTV

Classified_Ad

Classified_Ad_News_Bottom