ඉහළ ගිය රුපියල යළි පහළට - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Apr 20, 2021

ඉහළ ගිය රුපියල යළි පහළට

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව යම් වර්ධනයක් පෙන්නුම් කළ ශ්‍රී ලංකා රුපියල අද (20) නැවත වරක් පහළ ගියේය. 

ඉකුත් සතියේ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 204 සීමාව ද ඉක්මවා පහළ ගිය ශ්‍රී ලංකා රුපියල සඳුදා සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කළේය. කෙසේ නමුත් ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (20) 195 සීමාව ඉක්මවා පහළ ගියේ ය. 

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව ‌ඩොලරයක විකුණුම් අගය ඊයේ (19) රුපියල් 191.97ක් ලෙස දැක්වුණු අතර අද (20) 195.21ක් ලෙස දැක්විණි. 

මේ අතර මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට අප්‍රේල් 16 වැනිදා දක්වා කාලයේ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 6.8කින් අවප්‍රමාණය වී ඇත.

Classified_Ad

Classified_Ad_News_Bottom