බයිඩන් පුටින් ජූනි 16 හමුවෙනවා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 26, 2021

බයිඩන් පුටින් ජූනි 16 හමුවෙනවා

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් අතර පළමු හමුව, ලබන ජූනි මස 16 වැනිදා ස්ටිව්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වෙනු ඇති බවත් ඊට සියලු කටයුතු සූදානම් බවත් ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 

බයිඩන් සහ පුටින් අතරේ අමෙරිකාව සහ රුසියාව අතර ස්ථාවර සහයෝගීතාවක් ගොඩනැංවීම පිළිබඳව සාකච්ඡා කරනු ඇති බව ධවල මන්දිරය නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි. 

ඇමෙරිකන් ජනපති බයිඩන් සහ රුසියන් ජනපති පුටින්ගේ හමුව ක්‍රෙම්ලීනය ද සනාථ කර ඇති බව රුසියානු පුවත් සේවා වාර්තා කර තිබේ. ජෝ බයිඩන් ඇමෙරිකාවේ ජනාධිපති ලෙස පුටින් හමුවන පළමු අවස්ථාව මෙයයි. 

ජෝ බයිඩන් ඇමෙරිකාවේ උප ජනාධිපති ලෙස කටයුතු කළේ බැරැක් ඔබාමා ජනාධිපති ධුරය හොබවද්දීය. ඇමෙරිකන් උප ජනාධිපති ලෙස බයිඩන් සහ පුටින් හමුවී ඇත. 

ඇමෙරිකාව සහ රුසියාව අතර පවතින නොහොඳ නෝක්කඩු පමණක් නොව, ගෝලීය ආරක්ෂාව සම්බන්ධයෙන් සහ කොවිඩ් ව්‍යසනය සම්බන්ධයෙන් ද බයිඩන් සහ පුටින් අතරේ සාකච්ඡා කෙරෙනු ඇති බව පැවැසෙයි. 

ජනාධිපති ජෝ බයිඩන් සිය ප්‍රථම ජාත්‍යන්තර සංචාරය ලෙස ජිනීවා නුවරට යන අතර, එහිදී ජී-7 බටහිර කණ්ඩායමේ නායකයන් මෙන්ම නේටෝ සංවිධානය සහ යුරෝපා සංගමයේ නියෝජිතයන් ද මුණ ගැසීමට නියමිතය.

CNN

Classified_Ad

Classified_Ad_News_Bottom