තුර්කි ගම්මානවලට සිංහල බඩු මල්ලක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 2, 2021

තුර්කි ගම්මානවලට සිංහල බඩු මල්ලක්

සිල්ලර බඩු, රටඉඳි, තෑගි වවුචර සහ නැවුම් ශ්‍රී ලාංකික කෑම වර්ග ඇතුළත් රාමදාන් ආධාර බඩු මල්ලක් “අන්කාරා හි ගොල්බාසි හි යයිලාබාග් ගම්මානයේ” ගම්වලට බෙදා හරිනු ලැබූ බව තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී. 

තුර්කියේ ශ්‍රී ලංකා තානාපති රිස්වි හසන් මහතා සහ දූත මණ්ඩල කාර්යය මණ්ඩලය විසින් මෙය සංවිධානය කර තිබිණ. මෙම පරිත්‍යාගය ගමේ ප්‍රධානියා (මුක්තාර්) වන මුස්තාපා ෂෙටින් මහතාට එහි පදිංචිකරුවන් ඉදිරිපිට දී භාර දෙන ලදී. 

මේ වසරේ දී තානාපති කාර්යාලය මඟින් ඉෆ්තාර් උදෑසන ආහාර උත්සවයක් සංවිධානය කිරීමට නියමිතව තිබූ අතර, කෙසේ වෙතත්, කොවිඩ්-19 වසංගතය නිසා පනවන ලද සීමාවන් හේතුවෙන් මෙම උත්සවය අවලංගු කර ඇති අතර, වසංගත සමයේදී ආධාර අවශ්‍ය වන ජනතාව අතර මෙම රාමදාන් ආධාර පැකේජය බෙදා හැරීම සඳහා අවශ්‍ය කටයුතු සංවිධානය කළ බව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී. 

 දූත මණ්ඩල කාර්යය මණ්ඩලය සහ ශ්‍රී ලංකාවේ නිර්වේතනික කොන්සල්වරුන් විසින් දක්වන ලද මෙම අනුග්‍රහය මඟින් මිත්‍රත්වය ඉහළ නංවන අතර, ශුද්ධ වූ රාමදාන් මාසය තුළ දී ශ්‍රී ලංකාවේ සහ තුර්කියේ ජනතාව අතර පවතින සහයෝගීතාවය පෙන්නුම් කරයි. 
දර්ශනීය යයිලාබාග් ගම්මානය පිහිටා ඇත්තේ අන්කාරා නගරයට නුදුරින් පිහිටි ගොල්බාසි හි එයිමීර් විල අසල ය. 2004 ට පෙර ‘ගමක්’ ලෙස හඳුන්වන ලද යයිලාබාග්, මහ නගර සභා නීතියක් සහිත ‘අසල්වැසි ප්‍රදේශයක්’ බවට පත් කරන ලදී. 

යයිලාබාග් අසල්වැසි ප්‍රදේශයේ මුක්තාර් මුස්තාපා ෂෙටින් මහතාගෙන් ලද තොරතුරුවලට අනුව, නිවාස 50ක් පමණ පිහිටා ඇති මෙහි වෙසෙන මුළු ජනගහනය දළ වශයෙන් 500 ක් පමණ වන අතර, ඔවුන්ගේ ජීවනෝපාය වන්නේ කෘෂිකර්මය හා සත්ත්ව පාලනයයි.

Classified_Ad

Classified_Ad_News_Bottom