ආසාදිතයන් වැඩිවී සිංගප්පූරුවේ පාසල් වැසෙයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 18, 2021

ආසාදිතයන් වැඩිවී සිංගප්පූරුවේ පාසල් වැසෙයි

කොරෝනා ආසාදිතයන්ගේ ඉහළ යෑම සැලකිල්ලට ගනිමින් පාසල් වසා දැමීමටත් දරුවන්ට යළිත් වරක් ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපනය ලබා දීමටත් සිංගප්පූරු බලධාරීන් තීරණය කර තිබේ. 

සිංගප්පූරු බලධාරීන් මෙම තීරණය ගත්තේ සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් සැලකිල්ලට ගනිමිනි. පෙරේදා (16) වන විට නව ආසාදිතයන් 49 ක් හමු වී ඇති අතර එම 49 දෙනාගෙන් 38 දෙනකු සිංගප්පූරුව තුළින් හමුවුණු ආසාදිතයන් බවත් සෞඛ්‍ය අංශ පැහැදිලි කර තිබේ. 

පසුගිය වසරේ සැප්තැම්බරයෙන් පසු සිංගප්පූරුවේ ආසාදිතයන් මෙසේ ඉහළ ගිය පළමු අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි. සිංගප්පූරුවෙන් මේ වනවිට වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් ගණන 61,000 කිත මරණ වාර්තා වී ඇත්තේ 31 ක් ලෙසය.

රොයිටර්

Classified_Ad

Classified_Ad_News_Bottom