පළමු විදෙස් සංචාරය අරඹමින් බයිඩන් යුරෝපයේ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Stay Safe

Jun 10, 2021

පළමු විදෙස් සංචාරය අරඹමින් බයිඩන් යුරෝපයේ

sample-ad-complete-big
44039901-9669877-image-a-52_1623284395731
44040321-9670677-The_President_and_his_wife_Jill_left_Washington_on_Wednesday_mor-m-1_1623290644144
44042435-9670677-image-a-3_1623290823553
ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු, සිය පළමු විදෙස් සංචාරය ආරම්භ කරමින් ජෝ බයිඩන් යුරෝපය බලා පැමිණ සිටී. සංචාරයේ පළමු නැවැතුම වූයේ මහා බ්‍රිතාන්‍යයයි. 

ජනාධිපති ජෝ බයිඩන්ගේ අට දින මෙම විදෙස් සංචාරයේ එක් ප්‍රධාන අරමුණක් වන්නේ, හෙට (11) බ්‍රිතාන්‍යයේ ආරම්භ වන ලෝකයේ ධනවත් රටවල එකමුතුව හෙවත් 'ජී7' සමුළුවට සහභාගීවීමය. ඇමෙරිකන් ජනාධිපති ලෙස ජෝ බයිඩන් සහභාගී වන පළමු 'ජී7' සමුළුව මෙයයි. 

හෙට (11) සිට 13 වැනිදා තෙක් පැවැත්වෙන්නේ 47 වැනි 'ජී 7' සමුළුවය. බයිඩන් පමණක් නොව, ඔහුගේ බිරිඳ මෙන්ම ජනාධිපති ආර්යාව ද වන ජිල් බයිඩන් ද මෙම සංචාරයට එක් වී සිටී. ඊට අමතරව, බයිඩන්ගේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් කණ්ඩායමක් ද සංචාරයට සහභාගී වෙයි.

බයිඩන් ඇතුළු පිරිස රැගත් 'එයාර් ෆෝස් 1' නිල ගුවන් යානය කෝන්වෝල්, නියුකී ගුවන්තොටුපොළට ගොඩබෑවේය. ඇමෙරිකන් ජනාධිපතිවරයා සහ බිරිඳ පිළිගැනීම සිදුවූයේ රාජකීය ගුවන් හමුදාවේ ගෞරව මැදය. 

බ්‍රිතාන්‍ය සංචාරයේ දී ජනාධිපති ජෝ බයිඩන් සහ බිරිඳ, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සහ ඔහුගේ නව බිරිඳ කැරී සිමොන්ඩ්ස් හමුවීමටත්, දෙවැනි එලිසබත් මහ රැජින හමුවීමටත් නියමිතය.

'ජී7' කණ්ඩායමට අයත් වන්නේ ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍යය, කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය සහ ජපානයයි. ඊට අමතරව, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව සහ දකුණු කොරියාව යන රටවල රාජ්‍ය නායකයන් මෙවර ආරාධිතයෝ ලෙස සමුළුවට සහභාගී වෙති. 

'කොවිඩ් 19' වසංගතය හෙයින්, ඇතැමුන් සමුළුවට සහභාගී වන්නේ වීඩියෝ පණිවුඩ හුවමාරු තාක්ෂණය ඔස්සේය. 'ජී7' සමුළුවෙන් පසු ඇමෙරිකන් ජනාධිපති බයිඩන්, බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවැත්වෙන 'නේටෝ' මහ සමුළුවට සහභාගී වීමට නියමිතය. 

'නේටෝ' හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය පිහිටුවා ඇත්තේ ඇමෙරිකාවේ ද මූලිකත්වයෙනි. 'නේටෝ' සංවිධානයට අයත් වන්නේ යුරෝපා රටවල්ය. 'නේටෝ' සංවිධානය පිහිටුවීම සිදුවූයේ රුසියාවෙන් එල්ල වන තර්ජනවලට මුහුණ දීමටය.

Daily Mail

Classified_Ad