ක්‍රිස්මස් දූපතේ රැඳවූ දැරිය අසනීපෙන් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 10, 2021

ක්‍රිස්මස් දූපතේ රැඳවූ දැරිය අසනීපෙන්

ඔස්ට්‍රේලියාවේ සරණාගත තත්ත්වය ප්‍රතික්ෂේප වීමෙන් පසුව ක්‍රිස්මස් දූපතේ රැදවුම් කදවුරක සිටින ශ්‍රී ලාංකික දෙමළ පවුලක තුන් හැවිරිදි දැරිවියක් හදිසියේ අසනීප වීමෙන් ඔවුන්ව රඳවා සිටි දූපතේ සිට පර්ත් නුවර රෝහලකට රැගෙන යෑමට ඔස්ට්‍රේලියානු බලධාරීන් කටයුතු කර ඇතැයි එරට පළවන එස්.බී.එස් පුවත්සේවය වාර්තා කර ඇත. 

එම ලාංකික දැරිය "රුධිර ආසාදන" තත්ත්වයක් හේතුවෙන් දින 10කට ආසන්න කාලය තද උණ සහිතව ක්‍රිස්මස් දූපතේ නිසි ප්‍රතිකාර නොමැතිව සිටීමෙන් තදබල ලෙස අසනීප වීමත් සමගම ඔස්ට්‍රේලියා බලධාරීන් මෙම පියවර ගෙන ඇත. මේ වනවිට හෙළිවී ඇත්තේ තර්නිකා මුරුගප්පන් නම් එම තුන් හැවිරිදි දැරිවිය ඉකුත් මැයි 25 වනදා සිට වමනය, පාචනය සහ අධික උණ තත්ත්වය මත පීඩා විඳිමින් සිටි බවය. 

අසනීප තත්ත්වයෙන් සිටිය ද ක්‍රිස්මස් දූපතේ පිහිටා ඇති රැඳවුම් කඳවුරේ මධ්‍යස්ථානයේ සේවකයින් එම දැරිවිය රෝහල්ගත කිරීම ප්‍රතික්ෂේප කර තිබු බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි. පසුව ඇයගේ සෞඛ්‍ය තත්ත්වය දුර්වල වීම හේතුවෙන් ඇයව පර්ත් නගරයේ පිහිටි රෝහලක් වෙත ගුවනින් ගෙන යෑමට ඔස්ට්‍රේලියානු බලධාරීන් ක්‍රියා කර තිබේ. 

මේ අතර එරට ස්වදේශ කටයුතු අමාත්‍ය කේරන් ඇන්ඩෘස් මේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකිාශයක් නිකුත් කරමින් පැවසුවේ දැනට ක්‍රිස්මස් දූපතේ රඳවා සිටින මුරුගප්පන් පවුලේ සාමාජිකයින්ට ඔස්ට්‍රේලියාවේ පදිංචි වීමට අවස්ථාව ලබාදිය හැකිදැයි සොයාබලමින් සිටින බවය. නමුත් එය සංකීර්ණ කටයුත්තක් බව ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු අමාත්‍යවරිය පවසා සිටින්නීය. 

මෙම තුන් හැවිරිද් ගේ දෙමාපියන් වන නඩේස් මුරුගප්පන් සහ ප්‍රියා මුරුගප්පන් සරණාගතයින් ලෙස ඔස්ට්‍රේලියාවට ගොස් තිබූ ඔවුන් එරට පදිංචිවීමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව තර්නිකා සහ ඇයගේ මව, පියා සහ සොහොයුරිය බලධාරීන් විසින් ක්‍රිස්මස් දූපතේ ඇති රැඳවුම් මධ්‍යස්ථානයක රඳවන ලදී.

ඔවුන් එම ස්ථානයේ රඳවා සිටින්නේ 2019 වසරේ සිටය. ඔවුන්ව ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට ඔස්ට්‍රේලියානු බලධාරීන් උත්සාහ කළ විට ඊට එරෙහිව අධිකරණය මගින් වාරණ නියෝගයක් නිකුත් කළේය.ඉන්පසුව ඔවුන් දෙවසරකට ආසන්න කාලයක් තිස්සේ ක්‍රිස්මස් දූපතේ රැදවුම් මධ්‍යස්ථානයක රදවා සිටති. 

Classified_Ad

Classified_Ad_News_Bottom