Delta විකෘතිය Delta Plus වෙලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 16, 2021

Delta විකෘතිය Delta Plus වෙලා

'කොවිඩ් 19' වයිරසයේ බිහිසුණු ප්‍රභේදයක් ලෙස සැලකෙන 'ඩෙල්ටා' (ඉන්දියාවෙන් පළමුවෙන් සොයාගත්) විකෘති වයිරස ප්‍රභේදය, තව දුරටත් විකෘති වෙමින්, තවත් නව විකෘති වයිරස ප්‍රභේදයක් නිර්මාණය කර ඇති බවත්, මෙම නව විකෘතිය 'ඩෙල්ටා ප්ලස්' යන නමින් නම් කිරීමට පියවර ගන්නා බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. 

ලෝක සෞඛ්‍ය සංවිධානය 'ඩෙල්ටා පලස්' නමින් නම් කර ඇති මෙම විකෘති වයිරස ප්‍රභේදය සම්බන්ධයෙන් දත්ත ලබා ගෙන ඇත්තේ ඉන්දීය වෛද්‍ය පර්යේෂකයන්ගෙනි. 

'ඩෙල්ටා පලස්' සම්බන්ධයෙන් දත්ත තවමත් ලැබෙමින් පවතින බවත්, එය කොතරම් බිහිසුණුදැයි ඉදිරියේ දී දැනගන්න ලැබෙනු ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ඉන්දියාවේ කොරෝනා දෙවැනි රැල්ලට හේතුවක් වූයේ 'ඩෙල්ටා' විකෘතියයි. මෙම විකෘතිය නිර්මාණය වූයේ ද තවත් විකෘති දෙකක මිශ්‍රණයක් ලෙසය. 

මේ අතර, අවුරුදු 18 වැඩි ඕනෑම අයකුට, 'කොවිඩ් 19' වයිරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීමට හැකි බව ඉන්දීය සෞඛ්‍ය අමත්‍යාංශය ඊයේ (15) නිවේදනය කළේය. 

එසේ එන්නත් ලබා ගැනීමට, ජංගම දුරකතන ඔස්සේ 'කෝවින්' වෙබ් අඩවියට සම්බන්ධ වී, ලියාපදිංචි විය යුතු බවත්, එසේ ලියාපදිංචි වීමෙන් පසු ළඟම ඇති එන්නත්කරණ ස්ථානයට ගොස් එන්නත ලබා ගන්නා ලෙසත් ඉන්දීය සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි. 

NDTV

Classified_Ad

Classified_Ad_News_Bottom