'සයිනෝෆාම්' එන්නතේ දෙවැනි මාත්‍රාව දෙයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 13, 2021

'සයිනෝෆාම්' එන්නතේ දෙවැනි මාත්‍රාව දෙයි

'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසයෙන් ආරක්ෂා වීම සඳහා ලබා දෙන චීනයේ 'සයිනෝෆාම්' එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා දීම අද (13) දිනයේ ද ගම්පහ ප්‍රදේශයේ ස්ථාන කීපයක සිදුවිය‍. 

අද (13) චීනයේ 'සයිනෝෆාම්' එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා දීම සිදුවූයේ මීට සති 4 කට පෙර පසුගිය මැයි 13 වැනිදා එම එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් පුද්ගලයන්ට ප්‍රමුඛත්වය ලබා දෙමිනි. 
බදුවතුගොඩ මාතෘ සායනයයේදී කොවිඩ් 19 සදහා සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම සිදුවුණේ නාගරික මන්ත්‍රී බොනී පෙරේරා මහතාගේ මෙහෙයවීමෙනි. 
එන්නත් වැඩසටහන සාර්ථක කරගැනීමට සෞඛ්‍ය කාර්යය මණ්ඩලයේත්, පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයන්ගේත් සහාය නොඅඩුව ලැබුණි.

Classified_Ad

Classified_Ad_News_Bottom