පිහිනන අලි නැරඹිය හැකි ගල් ඔය වන උයන - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 19, 2021

පිහිනන අලි නැරඹිය හැකි ගල් ඔය වන උයන

ශ්‍රී ලංකාවේ වනෝද්‍යාන අතරින් ඉතා සුවිශේෂී වූ වනෝද්‍යානයක් වන ගල් ඔය ජාතික උද්‍යානයේ විශේෂත්වය වන්නේ, බෝට්ටු සෆාරියකින් ගොස් නැරඹිය හැකි ලංකාවේ පිහිටි එකම වනෝද්‍යානය නිසාවෙනි. 

1954 වසරේ ස්ථාපනය කරන ලද මෙම වනෝද්‍යානය, සේනානායක සමුද්‍රයට ජලය සපයන ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශයයි. 
හෙක්ටාර් 25,000 කින් පමණ සමන්විත වන මෙය සත්ත්ව හා වෘක්ෂලතා වලින් පොහොසත් වන අතර, එය සදාහරිත වනාන්තර හා සවානාවලින් සමන්විත වන ගහනයක් පවතින ඊසාන දිග මෝසමෙන් වැසි ලැබෙන කලාපයකි. 

ඉතා ආකර්ෂණීය වන අසිරියකින් හෙබි ගල් ඔය වන උයනට දානිගල, නිල්ගල හා උල්පොත යන කඳු පන්ති දැකුම්කලු භූ දර්ශනයන් මැවීමට වන කොමලියට අඩු වැඩිය සපයයි. 
ගල් ඔය සේනානායක සමුද්‍රයට වැටෙන ස්ථානයද සුවිශේෂි වෙයි. මක් නිසාද යත් ගල් ඔය ජලාශයේ ජලය මකර කට නමින් හැඳින්වෙන ස්වභාවික උමගක් තුලින් සේනානායක සමුද්‍රයට පිවිසීමය. 
ගල් ඔය ජාතික වනෝද්‍යානය ක්ෂීරපායි විශේෂ 32කට හා පක්ෂි විශේෂ 150 ට පමණ නිවස්න සපයයි. 

කුඩා දූපත් සමුහයක් පිහිටා ඇති මෙහි දූපත් අතර පිහිනා යන අලින් දැක ගත හැකි වීම සංචාරකයන්ට ලැබෙන සුවිශේෂි වූ අවස්ථාවකි. 

තවද, ජලාශය මැද පිහිටි කුරුළු දූපත් පක්ෂීන් සිය දහස් ගණනකගේ ජෛව පැවත්ම සඳහා දායකත්වය සපයයි.
නිහැඩියාව බිඳිමින් නැගෙන විහඟ කූජනය මැදින් යන බෝට්ටු සවාරියේ නවමු අත්දැකීමත් වන සතුන් නැරඹීමෙන් ලබන ආස්වාදයත් ඔබේ සංචාරක දිවියේ තවත් එක් සුවිශේෂී වූ සන්ධිස්ථානයක් සලකුණු කරනු නොවනුමානය. 

සටහන සහ සේයා රූ
෴ තනූජා කරුණාරත්න

Classified_Ad

Classified_Ad_News_Bottom