කොන්දේසි මත 21 වැනිදා රට අරිනවා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 18, 2021

කොන්දේසි මත 21 වැනිදා රට අරිනවා

කොවිඞ් 19 වයිරසය පැතිරීම වැළැක්වීම සඳහා රජය පනවා ඇති සංචරණ සීමා ලබන ජුනි මස 21 වැනිදා අලුයම 4.00ට ඉවත් කරන බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී සහ ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 

එම සංචරණ සීමා දින තුනකට පසු, ලබන 23 වැනිදා රාතී‍්‍ර 10 සිට 25 වැනිදා අලූයම 4 ට තෙක් යළි කි‍්‍රයාත්මක කෙරෙන බව ද යුද හමුදාපතිවරයා කියයි. 

කෙසේ වෙතත්, සංචරණ සීමා මෙසේ ඉවත් කළ ද පළාත් අතර සංචරණ සීමා ඉවත් නොකරන බව ද ඔහු කියයි කොවිඞ් ව්‍යාප්තියේ යම් පාලනයක් සිදුවී ඇති බවට වෛද්‍ය විශේෂඥවරුන් පෙන්වා දීම හේතුවෙන් මෙම තීරණය ගත් බව හෙතෙම සදහන් කළේය. 

සංචරණ සීමා ඉවත් කළ ද පුද්හගල ඒකරාශීවීම්, සාද පැවැත්වීම් සදහා කිසිසේත් අවසර ලබා නොදෙන අතර, ගාලූ මුවදොර වැනි ප‍්‍රසිද්ධ ස්ථානවල එක් රැුස්වීම් සම්පූර්ණයෙන්ම තහනම් බව ද යුද හමුදාපතිවරයා ප‍්‍රකාශ කළේය. 

සංචරණ සීමා ඉවත් කරන දින තුනක කාලයේදී රාජ්‍ය සේවකයන් සිය රාජකාරී ඔන්ලයින් ක‍්‍රමයට සිදුකිරීම සදහා රජයෙ උපදෙස් ලබා දී ඇතැයි ද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 

කොවිඞ් වයිරස ව්‍යාප්තිය වැළැක්වීම හේතුවෙන් ඉකුත් මැයි මස 21 වැනිදා සිට මුළු දිවයිනටම බල පැවැත්වෙන පරිදි සංචරණ සීමා පැනවීමට රජය තීරණය කර තිබිණී.

Classified_Ad

Classified_Ad_News_Bottom