ඊශ්‍රායලයේ යළිත් මුහුණු ආවරණ අනිවාර්යයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 26, 2021

ඊශ්‍රායලයේ යළිත් මුහුණු ආවරණ අනිවාර්යයි

සාර්ථක එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක වන ඊශ්‍රායලයෙන් නව ආසාදිතයන් වාර්තා වීමත් සමඟ යළිත් වරක් මුහුණු ආවරණ අනිවාර්ය කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත.‍ 

ඊශ්‍රායල සෞඛ්‍ය අංශ මුහුණු ආවරණ අනිවාර්ය නොවන බව නිවේදනය කළේ පසුගිය අප්‍රේල් මාසයේ ය. ඒ, රටේ සියයට 70 කට වැඩි පිරිසකට එන්නත් ලබා දෙද්දී, කොරෝනා වයිරස ව්‍යාප්තියේ පාලනයක් සිදුවුණු බැවිනි.

කෙසේ නමුත් මේ වනවිට ඊශ්‍රායලයේ යළිත් වරක් ආසාදිතයන් වාර්තා වී ඇත්තේ 'ඩෙල්ටා' විකෘතිය පැතිරීමට පටන්ගෙන ඇති නිසා යැයි ඊශ්‍රායල සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දෙති. 

ඊශ්‍රායල සෞඛ්‍ය අංශ ඊයේ (25) කියා සිටියේ මේ වනවිට දිනකට නව ආසාදිතයන් 100 දෙනකු බැගින් වාර්තා වීමට පටන්ගෙන ඇති බවය.

AFP

Classified_Ad

Classified_Ad_News_Bottom