ඉන්දියාවේ එන්නතට පිලිපීනයේ අනුමැතිය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Jun 26, 2021

ඉන්දියාවේ එන්නතට පිලිපීනයේ අනුමැතිය

ඉන්දීය රජයට අයත් 'භාරත් බයෝටෙක්' ඖෂධ නිෂ්පාදන සමාගම සියයට සියයක් ඉන්දීය තාක්ෂණයෙන් නිපදවා ඇති 'කොවැක්සින්' COVAXIN කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත හදිසි භාවිතයට සුදුසු යැයි ඉන්දුනීසියානු සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබේ. 

ඉන්දුනීසියාව මේ වනවිට දරුණු ලෙස 'කොවිඩ් 19' වයිරසයෙන් බැටකමින් සිටින ආසියානු රාජ්‍යයකි. සියයට සියයක් ඉන්දියාවේ නිෂ්පාදිත 'කොවැක්සින්' එන්නත මිලදී ගැනීමටත් එය ඉන්දුනීසියානු වැසියන්ට ලබා දීමත් ඉදිරියේ දී සිදුවනු ඇත. 

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු එරට මැති ඇමැතිවරුන් පවා ලබා ගෙන ඇත්තේ මාත්‍රා දෙකකින් යුත් මෙම 'කොවැක්සින්' එන්නතය. එන්නත නිපදවන 'භාරත් බයෝටෙක්' සමාගම පවසා ඇත්තේ 'කොවැක්සින්' එන්නත අවුරුදු 12ත් 15 ත් අතර දරුවන්ට පවා ආරක්ෂිත බවය. මේ වනවිටත් දරුවන්ට එන්නත ලබා දීම සම්බන්ධයෙන් සායනික අත්හදා බැලීම් සිදුකෙරෙමින් පවතී.

NDTV

Classified_Ad