යෝග ආරම්භ වුණේ ඉන්දියාවෙන් නොවේ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 23, 2021

යෝග ආරම්භ වුණේ ඉන්දියාවෙන් නොවේ

කායික මානසික සුවය ලබා දෙන යෝග ව්‍යායාමවල ආරම්භය සිදුවූයේ ඉන්දියාවෙන් නොව නේපාලයෙන් යැයි නේපාලයේ භාරකාර අග්‍රාමාත්‍ය කේ.පී. ෂර්මා පවසා ඇත. 

අග්‍රාමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයත් සමඟ යළිත් වරක් අසල්වැසියන් වන ඉන්දියාවත් නේපාලයත් අතර අර්බුදයක් නිර්මාණය වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. 'ජගත් යෝග දිනය' පෙරේදා (21) ට යෙදී තිබුණි. 

ලෝකයට යෝග දිනයක් අවශ්‍ය යැයි පෙන්වා දෙමින්, ඒ සඳහා දිනයක් නම් කිරීමට මැදිහත්වී කටයුතු කළේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිය. 
 පෙරේදා (21) අග්‍රාමාත්‍ය මෝදිගේ ප්‍රධානවත්වයෙන් 'යෝග දිනය' සැමරීම සිදුවිය. ලොව පුරා දහස් ගණනින් ඊට සහභාගී වූහ. ඒ, සෞඛ්‍ය අංශ ලබා දී ඇති මාර්ගෝපදේශ අනුවය. 

'යෝග ආරම්භ වුණේ නේපාලයෙන්. ඒ කාලයේ ඉන්දියාවක් තිබුණේ නැහැ. අද අගමැති මෝදි යෝග ගැන ලොවට කියනවා. එහි අගය පෙන්වා දෙනවා. ඉන්දියානුවෝ හැමෝම යෝග ගැන ආඩම්බරයෙන් කතා කරනවා. ඒත් යෝග ආරම්භ වුණේ ඉන්දියාවෙන් නොවෙයි. නේපාලයෙන්' යැයි නේපාල භාරකාර අග්‍රාමාත්‍ය කේ.පී. ෂර්මා පැහැදිලි කර තිබේ.

NDTV

Classified_Ad

Classified_Ad_News_Bottom