රනිල් වික්‍රමසිංහ දිවුරුම් දෙයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Jun 23, 2021

රනිල් වික්‍රමසිංහ දිවුරුම් දෙයි

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා පත් කෙරුණු එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා එම මන්ත්‍රී ධූරයේ අද (23) දිවුරුම් දුන්නේය.

දිවුරුම්දීම සිදුවූයේ බාර්ලිමේන්තුවේදී කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ ය. 

දිවුරුම් දීමෙන් පසු වික්‍රමසිංහ මහතා ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සුබපැතුම් මධ්‍යයේ විපක්ෂයේ ඉදිරිපෙළ අසුනක අසුන් ගත්තේය. ඒ විපක්ෂයේ ඉදිරි පෙළ දහතුන්වෙනි ආසනයේය. 

පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමි විය.

කෙසේ වෙතත් එම මන්ත්‍රීධුරය සඳහා මන්ත්‍රීවරයකු ඒ පක්ෂය විසින් මැතිවරණ කොමිෂන් සභාවට යෝජනා කරනු ලැබුවේ වසරකට ආසන්න කාලයක් ගතවීමෙන් පසුවය.

Classified_Ad