කුසල්-ධනුශ්ක-දික්වැල්ල නිරෝධානයට - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 29, 2021

කුසල්-ධනුශ්ක-දික්වැල්ල නිරෝධානයට

එංගලන්තයේ තරග සංචාරයක නිරතව සිටියදී විනය විරෝධීව හැසුරුණේ යැයි චෝදනා එල්ල වීම නිසා හදිස්සියේ නැවත ශ්‍රී ලංකාවට කැඳවූ ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනා නිරෝධානය සඳහා මීගමුව ප්‍රදේශයේ හෝටලයකට යොමු කරන්නේ යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පැවසීය. 

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා පැවසුවේ නිරෝධානය සඳහා වැය වන මුදල් අදාල ක්‍රීඩකයන්ගෙන් අයකරගැනීමට බලාපොරොත්තු වන බවයි. ශ්‍රී ලංකා එක්දින පිලේ උප නායක කුසල් මෙන්ඩිස්, ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක සහ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල යන තිදෙනා අද (29) දහවල් නැවත ශ්‍රී ලංකාවට පැමිණියහ.

Classified_Ad

Classified_Ad_News_Bottom