වන්නිල ඇත්තන්ටත් එන්නත ලැබේ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 30, 2021

වන්නිල ඇත්තන්ටත් එන්නත ලැබේ

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් ඇතුළු ආදිවාසීන් පිරිසකට ද අද‍ (30) උදෑසන‍ දළදා මාලිගාවේ දී කොවිඩ් මර්දන එන්නත ලබා දීම සිදුවිය.

වන්නිල ඇත්තන් ප්‍රමුඛ ආදීවාසීන් එන්නත් ලබා දීම සිදුවූයේ, මහනුවර ඇසළ පෙරහරට සහභාගීවන කලා ශිල්පීන්ට එන්නත දෙද්දීය.

ආදිවාසී නායක ඇතුළු පිරිස, ප්‍රථම රන්දෝලි පෙරහර දිනයේ මීපැණි පූජාවට සහභාගි වීමට නියමිතව බැවින්, ඔවුන්ට ද එන්නත් ලබා දීමට අවධානය යොමු වී තිබුණි. 

මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ පිහිටි බහුකාර්ය ගොඩනැගිල්ලේ දී පිරිසට චීනයේ සයිනෝෆාම් එන්නත ලබා දුන් බවත්, එම අවස්ථාවට දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු බොහෝ දෙනකු සහභාගී වී සිටි බවත් වාර්තා වේ.

Classified_Ad

Classified_Ad_News_Bottom