චීනය මැලේරියාව පරද්දලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Jun 30, 2021

චීනය මැලේරියාව පරද්දලා

චීනය මැලේරියාව තුරන් කළ රටක් ලෙස නම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගනෙ තිබේ. 'අප චීනයට සුබ පතනවා. වසර 70 ක් තිස්සේ මැලේරියාවට එරෙහිව කළ සටන ජය ගන්න චීන සෞඛ්‍ය අංශ සමත් වී සිටිනවා' යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හැනොම් ගෙබ්‍රියේසිස් මාධ්‍ය හමුවකදී පැවැසීය. 

මැලේරියාව මදුරුවන්ගෙන් බෝවන වයිරසයකි. 1940 දශකයේ වාර්ෂිකව චීනයෙන් වාර්තා වූ මැලේරියා රෝගීන් ගණන මිලියන 30 සීමාවේ පැවැතිණි. එය කෙමෙන් කෙමන් අඩු කර ගැනීමට චීන සෞක්‍ය අංශ කටයුතු කළ අතර, පසුගිය සිවු වසරක කාලයේ කිසිදු මැලේරියා රෝගියකු චීනයෙන් වාර්තා වී නැත. 

චීනය මැලේරියාව පැරදූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ මේ නිසාය. ඒ අනුව මැලේරියාව තුරන් කළ 40 වැනි රට ලෙස චීනය සැලකෙයි. චීනයට පෙර මැලේරියාව තුරන් කර රටවල් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුන්වා දෙනු ලැබුවේ ලතින් ඇමෙරිකාවේ එල් සැල්වදෝරය, ඇල්ජීරියාව සහ ආජන්ටිනාවය.

රොයිටර්

Classified_Ad