වටිනා මැණික් ලංකා බැංකුවේ සේප්පුවට - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Jul 20, 2021

වටිනා මැණික් ලංකා බැංකුවේ සේප්පුවට

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සතුව තිබූ, මිල කළ නොහැකි ඉතා වටිනා මැණික් ගල් 3 ක් ආරක්ෂාව සඳහා එම අධිකාරියේ සිට ලංකා බැංකු සේප්පුව වෙත රැගෙන යෑම සිදුවිය.

කොල්ලුපිටියේ පිහිටා ඇති ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරි ගොඩනැගිල්ල ගිලා බැසීමේ අවධානමක් පවතින බැවින්, එම ගොඩනැගිල්ලේ සියලු කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, නාරාහේන්පිට මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශ භූමියේ ස්ථාපිත කිරීමේ කටයුතු මේ වනවිටත් ආරම්භ වී ඇත.

නාරාහේන්පිට මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශ භූමිය සුදානම් කරනතෙක් ජාතික වස්තුවක් වූ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සේප්පුවේ සුරක්ෂිතව තබා මැණික් අධිකාරියට අයිතිව තිබූ ලොව වටිනාම මිල කල නොහැකි බැව් පැවසේන වටිනා මැණික් ගල් මෙසේ ලංකා බැංකුව වෙත රැගෙන යෑම සිදුවිය. ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව මැදය.

Classified_Ad