ඇමෙරිකන් තානාපති නිලධාරීන් ලෙඩවෙලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jul 20, 2021

ඇමෙරිකන් තානාපති නිලධාරීන් ලෙඩවෙලා

ඔස්ට්‍රියාවේ වියානා නුවර ඇමෙරිකන් තානාපති කාර්යාල නිලධාරීන් 20 දෙනකු හිටිහැටියේ අබිරහස් ලෙස රෝගී වී ඇති බවත්, ඇමෙරිකාව ඒ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශන ආරම්භ කර ඇති බවත් වාර්තා වේ. 

පෙන්නුම් කරන රෝග ලක්ෂණ අනුව, එම නිලධාරීන් 20 දෙනාට 'හවානා සින්ඩ්‍රෝමයෙන්' Havana Syndrome පෙලෙන බව ඇමෙරිකන් වෛද්‍යවරු සහ විද්‍යාඥයෝ පෙන්වා දෙති. 

'හවානා සින්ඩ්‍රෝමය' Havana Syndrome ලෙස හැඳින්වෙන්නේ, 2016 සිට 2017 තෙක් කාලයේ බැරැක් ඔබාමා ජනාධිපති ධුරය හොබවද්දී, කියුබාවේ හවානා නුවර ඇමෙරිකන් සහ කැනඩා තානාපති නිලධාරීන් අතර පැතිරුණු අබිරහස් රෝගී තත්ත්වයකි. 

මෙහිදී සිදුවන්නේ මොළයට බලපෑම් එල්ල වීමය. සිහිවිකල්වීම, කැරකිල්ල සහ සිරුරේ සමබරතාව නැතිවී යෑම රෝග ලක්ෂණ වෙයි. 

එදා 2017 වසරේ දී, 'හවානා සින්ඩ්‍රෝමය' ගැන විමර්ශනය කරද්දී එය මයික්‍රෝවේව් තරංග යොදා ගනිමින් එක්ක කළ ප්‍රහාරයක් යැයි කියුබානු රජයට ඇමෙරිකාවත් කැනඩාවත් චෝදනා කරන්න විය. 

කෙසේ නමුත් තමන් ඇමෙරිකා හෝ කැනඩා තානාපති නිලධාරීන් ඉලක්ක කර ගනිමින් එසේ ප්‍රහාරයක් එල්ල නොකළ බවත්, තානාපති නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා බවත් කියුබානු රජය තරයේ කියා සිටියේය. 

ඕස්ට්‍රියාවේ වියානා නුවර ඇමෙරිකන් තානාපති නිලධාරීන් එකා දෙන්නා බැගින් හිටිහැටියේ රෝගී වීමට පටන්ගෙ ඇත්තේ ජෝ බයිඩන් ඇමෙරිකන් ජනාධිපති ලෙස පසුගිය 2020 ජනවාරියේ දිවුරුම් දීමෙන් අනතුරුව යැයි BBC පුවත් සේවය පෙන්වා දෙයි. 

ඔබාමා පරිපාලනය පැවැති සමයේ ඇමෙරිකාවේ උප ජනාධිපති ධුරය හෙබවූයේ ද ජෝ බයිඩන්ය. 

වියානා ඇමෙරිකන් තානාපති නිලධාරීන් රෝගීවීම සම්බන්ධයෙන් ඇමෙරිකාව විශේෂ විමර්ශනයක් පවත්වන බවත්, තමන් ඊට පූර්ණ සහාය ලබා දෙන බවත් ඔස්ට්‍රියානු රජය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

CNN

Classified_Ad

Classified_Ad_News_Bottom