වීසා අනුමත ලාංකිකයන්ට 'ෆයිසර්' එන්නත - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jul 24, 2021

වීසා අනුමත ලාංකිකයන්ට 'ෆයිසර්' එන්නත

විදේශ රටවල් 15ක රැකියා සදහා යාමට රැකියා බලපත්‍ර සහ වීසා අනුමත වූ ලාංකික ශ්‍රමිකයන් 8000කට ආසන්න පිරිසක් එම රටවල් පිළිගන්නා ෆයිසර් කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින බවත්, ඔවුන්ට අදාළ එම එන්නත ලබාදීමට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසා තිබේ.

මේ වනවිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි, බහරේන්, ජෝර්දාන්, කුවේට්, ලෙබනන්, ඕමාන්, කටාර්, සෞදි අරාබිය, සීෂෙල්ස්, සිංගප්පූරුව, දකුණු කොරියාව, මාලදිවයින, මැලේසියාව, ඊශ්‍රායලය, සයිප්‍රස් යන රටවලට එම ශ්‍රමිකයන් රැකියා සඳහා යාමට නියමිත යැයි ද කම්කරු අමාත්‍යවරයා පැහැදිලි කර ඇත.

එම රටවල් පිළිගනුයේ ෆයිසර් කොවිඩ් මර්දන එන්නත බැවින් එම එන්නත එම විදේශ රැකියා සඳහා යාමට අපේක්ෂිත සියලුදෙනා ට ලබාදීමට කටයුතු කිරීමට සෞඛ්‍ය අමාත්‍යතුමිය ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් එකගත්වය පළ කළ බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වැඩිදුරටත් පැවැසීය.

ඒ අනුව ඉදිරි සතියේ දී කොළඹ මධ්‍යස්ථානයක දී එම සියලුමදෙනා ට එම එන්නතේ පළමු මාත්‍රාව ලබාදීමටත් නියමිත පරිදි දෙවැනි එන්නත් මාත්‍රාව ලබා දී ඔවුන්ට ඉදිරි මාස දෙකක් ඇතුළතදී විදේශගත වීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට මෙහි දී අවධානය යොමුව ඇත. 

කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශය අමාත්‍යාංශයේ බලධාරීන් සමඟ අදාළ එන්නත් ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර එහිදී සෞඛ්‍ය අමාත්‍යවරිය ඇතුළු බලධාරීන් මෙම එකගත්වය පළ කර ඇත.

 එසේම එම විදේශ රැකියා සඳහා යාමට රැකියා අවස්ථා ලැබ සිටින බොහෝ දෙනෙකු වයස අවුරුදු 30ට අඩු තරුණ තරුණියන් නිසා ඒ පිළිබඳව විශේෂයෙන් සලකා බලා ඔවුන්ට එම එන්නත ලබා දීමට මෙහි දී සාකච්ඡා කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

෴ තිළිණි ද සිල්වා
උපුටා ගැනීම - ලංකාදීප මැදපෙරදිග

Classified_Ad

Classified_Ad_News_Bottom