පූජා පළමු මාත්‍රාව ලබා ගනී - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jul 24, 2021

පූජා පළමු මාත්‍රාව ලබා ගනී

ජනප්‍රිය ඉන්දීය නිළි පූජා හෙජ් 'කොවිඩ් 19' වයිරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත්තාය. එන්නත ලබා ගන්නා අයුරු ඡායාරූපයට නගමින් සහ වීඩියෝ කරමින් එම දසුන් ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ ප්‍රසිද්ධියට පත් කිරීමට 30 හැවිරිදි සුරූපිනිය අමතක නොකළාය.

පූජා හෙජ් එන්නත ලබා ගැනීමට ගියේ තනිවම නොවෙයි. ඇගේ මව ලතා ද පූජාගේ අත අල්ලාගෙන සිටියාය. 'පුංචි කාලෙත් අම්මා එක්ක ගිහිල්ලා එන්නත් ගත්තා. දැනුත් එහෙම තමයි' යැයි ද පූජා ඇගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ පවසා තිබේ.

'ඔන්න මම එන්නත ගත්තා. දැන් ඔයාලා හැමෝම ගිහින් එන්නත් ගන්න' යනුවෙන් සිය රසික රසිකාවියන් එන්නත ලබා ගැනීමට දිරිමත් කිරීමට ද පූජා පියවර ගත්තාය.

ජූජා පසුගිය අප්‍රේල් මාසයේ 'කොවිඩ් 19' ආසාදිතයකු වූවාය. ඇය සුවය ලැබුවේ මැයි 5 වැනිදාය. ඇය ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගත්තේ වෛද්‍ය උපදෙස් අනුවය.
මෙම 2021 වසර, පූජා ට කාර්ය බහුල එකකි. ඇය තෙලිගු සහ බොලිවුඩ් සිනමා නිර්මාණ කීපයකට සම්බන්ධ වෙයි. ඇය  'බීස්ට්' 'මෝස්ට් එලිජබල් බැචලර්', 'අචර්යා' චිත්‍රපටවලට පූජා එක් වී සිටින අතර, මෙම සිනමා නිර්මාණ බොහොමයක් මේ වනවිට අවසන් අදියරේ පවතී. ඒවාට බාධා එල්ල වී ඇත්තේ කොරෝනා වසංගතයෙනි.

පූජාගේ මීළඟ බොලිවුඩ් සිනමා නිර්මාණ වන්නේ රෝහිත් ෂෙට්ටි අධ්‍යක්ෂණය කරන 'සිර්කුස්' ය. 'රාදේ ෂයම්' චිත්‍රපටයේ පූජා රංගනයෙන් එක් වන්නේ ජනප්‍රිය නළු ප්‍රභාස් සමඟය. 'කොවිඩ් 19' වසංගතය නිසා ප්‍රමාද වුණු මෙම චිත්‍රපටය ද තව නොබෝ දිනකින් තිරගත වීමට නියමිතය. 

2010 ඉන්දීය විශ්ව රූ රැජින කිරළ සඳහාත් දකුණු ඉන්දීය රූ රැජින කිරුළ සඳහාත් පූජා ඉදිරිපත් වූවාය. එම තරගාවලි දෙකෙන්ම ඇයට හිමිවූයේ දෙවැනි ස්ථානයයි. පූජා භාරත්නාට්‍යම් නර්තනය ප්‍රගුණ කළ දක්ෂ නර්තන ශිල්පිණියකි.
පූජාගේ පළමු චිත්‍රපටය 'මුගාමූදි' ය. ඇයට 2016 වසරේ 'මොහෙන්දෝ ජාරෝ' චිත්‍රපටයේ රඟපෑමට අවස්ථාව උදා වූයේ වෙළෙඳ දැන්වීමකට පෙනී සිටීමෙනි. 

පූජා ට තූලූ, ඉංග්‍රීසි, කණ්ණඩ, දෙමළ සහ හින්දි බස හොඳින් පුළුවනි. ලක්මි පූජා දිනයක උපන් බැවින්, ඇයට 'ලක්මි' යන නම තැබීමට මව සහ පියා යෝජනා කළත්, එය පරණ  තාලයේ නමක් වූ බැවින් 'පූජා' ලෙස නම වෙනස් විය.

පූජාගේ අතිශය ජනප්‍රිය වූ චිත්‍රපටය ලෙස සැලකෙන්නේ 2020 වසරේ තිරගත වුණු 'අලා වෛයිකුන්තාක්පුරමුලෝ' ය. පූජාගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමට සම්බන්ධ වී සිටින රසික රසිකාවියන් ගණන මිලියන 13 කි. 

෴ උපුටා ගැනීම - NDTV

Classified_Ad

Classified_Ad_News_Bottom