ඇෆ්ගන් ජනාධිපති මන්දිරයට රොකට් ප්‍රහාරයක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jul 21, 2021

ඇෆ්ගන් ජනාධිපති මන්දිරයට රොකට් ප්‍රහාරයක්

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර ජනාධිපති මන්දිරය අසලට  ඊයේ (20) රොකට් ප්‍රහාරයක් 3 එල්ල විය. 
රොකට් ප්‍රහාරය එල්ල වූයේ ජනපති මන්දිරයේ ඊද් යාඥා මෙහෙයක් පැවැත්වෙද්දීය. රොයිටර් පුවත් සේවය වාර්තා කළ අන්දමට ප්‍රහාරයෙන් කාටවත් අනතුරක් සිදුනොවිණි. කෙසේ නමුත් ප්‍රහාරයෙන් ජනාධිපති මන්දිරයට හානි සිදුවිය. 

යාඥා මෙහෙයට සහභාගී වෙමින් සිටි ඇෆ්ගන් ජනාධිපති අෂාරාෆ් ඝානී ඇතුළු ඇෆ්ගන් රජයේ මැති ඇමැතිවරුන් සහ නිලධාරීන් වහා ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට ආරක්ෂක අංශ කටයුතු කළේය. ප්‍රහාරය එල්ල කරන්න ඇත්තේ තලේබාන් සංවිධානයට අයත් ත්‍රස්ත කල්ලියක සාමාජිකයන් යැයි සැක කෙරේ.

මේවනවිට ඇෆ්ගන් රජය සහ තලේබාන් සංවිධානයේ දේශපාලනික අංශය සාම වැඩපිළිවෙළකට එකඟත්වය පළ කර ඇති අතර ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම සාකච්ඡා පැවැත්වීම සිදු කරයි. ඇමෙරිකාව ඇතුළු නේටෝ හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යන්නේ මෙම සාම වැඩ පිළිවෙළට අනුවය. ඒ අතරතුර ප්‍රහාර එල්ල කරන්නේ, ඇෆ්ගන් තලේබාන් සංවිධානයේ දේශපාලන අංශයට විරෝධය දක්වන ත්‍රස්ත කල්ලි යැයි පැවැසෙයි.

අල් ජසීරා

Classified_Ad

Classified_Ad_News_Bottom