ලොව විශාලතම මැණික් පොකුර හමුවෙලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jul 27, 2021

ලොව විශාලතම මැණික් පොකුර හමුවෙලා

ලොව මෙතෙක් හමුවී ඇති විශාලතම ආරනූල් මැණික් සමුහය (‍star sapphire cluster)‍ ලෙස සැලකිය හැකි කිලෝ ග්රූම් 510 ක් (කැරට් 25,50,000ක්) පමණ බරැති මැණික් පාෂාණයක් රත්නපුරය, කහවත්ත, පැල්මඩුල්ල ප්‍රදේශයෙන් හමුවී ඇතැයි මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතා පවසයි.

වටිනාම මැණික් කුලය වන කොරනන්ඩම් කුලයට අයත් මෙම මැණික් පාෂාණයේ වටිනාකම රුපියල් කෝටි 2,000ක් වැඩි විය හැකි බව සභාපතිවරයා පැහැදිලි කර තිබේ.

ලා නිල් පැහැය මිශ්‍ර එම පාෂාණය පැල්මඩුල්ල ප්‍රදේශයේ බලපත්‍ර සහිත පුද්ගලික පතලකින් මීට මාස අටකට පමණ පෙර හමුවී ඇතැයි කී සභාපතිවරයා එහි හිමිකම පතල් හිමිකරු සතු බව ද ප්‍රකාශ කළේය. ආරනූල් යනු ලොව වටිනාකමින් වැඩි මැණික් වර්ගයක් බව කී සභාපතිවරයා මෙම මැණික් සමූහයේ සියයට 99.9ක්ම ආරනූල් වර්ගයේ මැණික්ගල් බව ද පෙන්වා දුන්නේය.

ප්‍රංශය, ඉතාලිය වැනි රටවලින් මේ වන විටත් මෙම ආර්නූල් මැණික් සමුහය සම්බන්ධයෙන් විමසමින් සිටින බව කී සභාපතිවරයා එහි මිල වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 100කින් (රුපියල් කෝටි 2,000ක්) ලෙස ගණන් බලා ඇති බව ද කීවේය. තරඟකාරී ඉල්ලුමක් ඇතිවුවහොත් ඊට වඩා වැඩි මිල ගණනකට මෙය අලෙවි කිරීමට හැකිවනු ඇතැයි ද තිලක් වීරසිංහ මහතා පැවසීය. 

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ මැණික්වල වටිනාකම් තීරණය කිරීමේ කමිටුවේ නිලධාරී දෙපලක් විසින් මෙයට කෝටි 2,000ක සිට මිල නියම කළ හැකි බව ද සභාපතිවරයා ප්‍රකාශ කළේය. මිදි පොකුරක් මෙන් වූ මැණික් ගල් සමූහයකින් මෙම පාෂාණය සමන්විත බව ද සභාපතිවරයා සඳහන් කළේය. 

මැණික් ව්‍යාපාරිකයන්ගේ සහ පතල්කරුවන්ගේ සංගමයේ සභාපති පුන්සිරි තෙන්නකෝන් මහතා පැවසුවේ කහවත්ත ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අයත් ඉඩමක ළිඳක් කපද්දී මෙම මැණික් පාෂාණය හමුවී ඇති බවයි. මෙම මැණික්ගල මිට දින කිහිපයකට පෙර මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතා ඇතුලු එම අධිකාරියේ නිලධාරින් විසින් පරීක්‍ෂා කර ඇති බව ද පුන්සිරි තෙන්නකොන් මහතා පැවසීය. 

මෙහි පිටත දියමන්ති (ක්‍රිස්ටල්) හැඩැති කැටයම් විශාල ප්‍රමාණයක් ඇති බවත්, බැලූබැල්මට එය සුදු පැහයට හුරු වුවත් කොරන්ඩම් විශේෂයට අයත් මැණකක් බවත් ලෙවුඩ මැණික් පිළිස්සීමේ සහ අපනයනය කිරීමේ විශේෂඥයෙක් ද වන පුන්සිරි තෙන්නකෝන් මහතා සඳහන් කළේය. 

ආරක්‍ෂක හේතූන් නිසා මැණික් ගලේ අයිතිකරුගේ අනන්‍යතාව හෙලිනොකරන බව ද ඔහු කීවේය. පුන්සිරි තෙන්නකෝන් මහතා වැඩිදුරටත් පැවසුවේ මෙම මැණික් ගල දහදෙනෙකුටවත් එසවිය නොහැකි තරම් විශාලත්වයෙන් යුත් බවය.

෴ උපුටා ගැනීම - ලංකාදීප සහ BBC

Classified_Ad

Classified_Ad_News_Bottom