දෙවැනි විස්සයි 20 ට කොරෝනා හරස්වෙයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Jul 27, 2021

දෙවැනි විස්සයි 20 ට කොරෝනා හරස්වෙයි

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවනි විස්සයි 20 ක්‍රිකට් තරගය,  හෙට (28) දිනයට කල් දැමීමට සිදු වී ඇත. 

දෙවැනි විස්සයි 20 තරගය මෙසේ හෙට (28) දිනයට කල් දැමීම සිදුවූයේ ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක කුනාල් පාණ්ඩ්යා කොරෝනා ආසාදිතයකු යැයි තහවුරු වුණු බැවිනි. 

විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තරගය සැලැසුම් කළ පරිදි අනිද්දා (29) සුපුරුදු පරිදි පැවැත්වීමට ද නියමිතය.

කුනාල් පාණ්ඩ්යාගේ සමීපතමයන් ලෙස ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් අට දෙනකු හදුනාගෙන ඇතැයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වෙයි. 

෴ උපුටා ගැනීම - NDTV

Classified_Ad