පෘථිවිය අසලින් ගිය යෝධයා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jul 28, 2021

පෘථිවිය අසලින් ගිය යෝධයා

සෑම වසරකම, පෘථිවිය අසලින් ග්‍රහක ගමන් කරයි. ග්‍රහක යනුවෙන් හැඳින්වෙන්නේ අප සෞරග්‍රහ මණ්ඩලය ආරම්භයේ දී සිදුවුණු පිපිරීම් සහ හැලහැප්පීම් නිසා කැබලි වුණු යෝධ පාෂාණ කොටස්ය. 

විශ්වයේ ඉතා වේගයෙන් ඇදී යන මෙවැනි එක් ග්‍රහකයක්, මීට වසර මිලියන 65 කට පෙර, පෘථිවියේ හැපුණේ එවකට පෘථිවිය රජ කළ ඩයිනසෝරයන් මුළුමනින්ම වනසා දමමිනි. සෑම වසරකම පෘථිවිය අසලින් ගමන් කරන ග්‍රහක ගැන තාරකා විද්‍යාඥයන්, විශේෂයෙන් නාසා ආයතනය විමසිල්ලෙන් පසුවෙයි. 

පෘථිවිය අසලින් ගමන් කරන මෙන්ම, අනාගතයේ දිනක පෘථිවියට තර්ජනයක් විය හැකි යැයි ගණනය කළ ග්‍රහක ගැන නාසා ආයතනය විශේෂ උනන්දුවක් දක්වයි. අනාගතයේ දිනෙක, ග්‍රහකයන් පෘථිවියේ හැපීමට පැමිණියහොත්, එය විනාශ කරන ආකාරය ගැන ද නාසා විද්‍යාඥයෝ මේවනවිටත් විවිධාකාරයේ සැලැසුම් සකස් කර තිබේ.

'කොවිඩ් 19' වයිරස වසංගතය හේතුවෙන්, අනාගතය අවිනිශ්චිතව, පෘථිවිවාසී අප කනස්සල්ලෙන් සිටිද්දී, මීට හරියටම සතියකට පෙර ද පෘථිවිය අසලින් යෝධ ග්‍රහකයක් ගමන් කළේය. 

මෙම ග්‍රහකය නාසා විද්‍යාඥයන් නම් කර ඇත්තේ 2008 GO20 යන නමිනි. ඒ, මෙම ග්‍රහකය පළමුවෙන් හඳුනා ගැනීම සිදුවූයේ 2008 වසරේ වීම නිසාය. 2008 GO20 ග්‍රහකයේ විෂ්කම්භය මීටර 220 ක් පමණය. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේ ග්‍රහකය ඊජිප්තුවේ මහා පිරමීඩය තරම් බවය. ඉන්දීය මාධ්‍ය එරට වැසියන්ට තේරෙන විදියට ග්‍රහකය ගැන පුවත් පළ කළේ එය ටාජ්මහල තරම් විශාල බව පවසමිනි.

පෘථිවිය අසලින් ගමන් කළා යැයි කීවත්, පැයට සැතපුම් 2,750,000 ක වේගයකින් 2008 GO20 ග්‍රහකය ගමන් කළේ පෘථිවියේ සිට සැතපුම් මිලියන 2.8 ක් ඈතිනි. කෙසේ නමුත් ග්‍රහකයේ ගමන් මඟ කල්තියා හඳුනා ගැනීමට නාසා විද්‍යාඥයන් සමත් වී තිබුණු බැවින්, ග්‍රහකය ගැන බිය නොවන්නැයි ඔවුන් පවසා තිබුණි. 

කෙසේ නමුත්, ග්‍රහකයේ ගමන් මඟ දශමයකින් හෝ වෙනස් වූවා නම්, එය පෘථිවියේ හැපෙන්නත් ඉඩ තිබුණි. එසේ වූයේ නම් සිදුවන විනාශය අතිමහත්ය. 

෴ උපුටා ගැනීම - CNN

Classified_Ad

Classified_Ad_News_Bottom