සියයට පහක පමණ ආර්ථික වර්ධනයක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Aug 19, 2021

සියයට පහක පමණ ආර්ථික වර්ධනයක්

මේ වසරේ දී ආර්ථිකය සියයට පහක පමණ ආර්ථික වර්ධනයක් වාර්තා කරනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා පැවැසීය. ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ මේ වසරේ හයවැනි මුදල් ප්‍රතිපත්ති විවරණය ප්‍රකාශයට පත් කරමින් මහ බැංකු අධිපතිවරයා එම කරුණු කීවේය. 

මේ වසර සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සියයට පහක ආර්ථික වර්ධනයක් පුරෝකථනය කර බවත් පසුගිය වසර එකහාමාරක හෝ ඊට වැඩි කාලයක් තුළ ලබාදුන් සැලකිය යුතු රාජ්‍ය මූල්‍ය සහන මෙන්ම සුවිශේෂී මූල්‍ය උත්තේජක මෙම වර්ධනයට සඳහා සහාය ඇති වී ඇති බවත් හෙතෙම කීය.

‘කොවිඩ්-19’ වසංගත තර්ජනය හමුවේ වුවද මෙම වර්ධනය ලබාගැනීමට හැකියාව ලැබී ඇත්තේ ඉහත කී සහන නිසා බව ද ඔහු කීය. ආර්ථික වර්ධනයට සහ ඉහළ ණය ප්‍රසාරණයට ආධාර දුන් මෙම ක්‍රියාවලියේ යම් යම් අතුරු විපාක ඇති වූ බවත් විශේෂයෙන්ම විදේශීය අංශය සම්බන්ධයෙන් සහ සාමාන්‍ය වශයෙන් සමස්ත සාර්ව ආර්ථිකය සම්බන්ධයෙන් ද අසමතුලිතා ඉස්මතු වන ආකාරය දක්නට ලැබුණු බව ද හෙතෙම කීය. 

වෙළෙඳ හිඟය පුළුල් වීම, දේශීය සහ විදේශීය පොලී අනුපාතික අතර විෂමතා, විධිමත් සහ අවිධිමත් වෙළෙඳපොළ තුළ පවතින විනිමය අනුපාතික, නිල විනිමය අනුපාතිකයෙන් වෙනස්වීම ඒ අතර දක්නට ලැබුණු වැදගත් කරුණු බව ද ඔහු කීය. 

විදේශ විනිමය වෙළෙඳපොළ තුළ ඇති වූ අහිතකර සමපේක්ෂණ (අහිතකර අදහස්/මත හුවමාරු වීම්) නිසා ඇති වන අනිසි ප්‍රතිඵළ සම්බන්ධයෙන් සඳහන් කළ යුතු යැයි මහ බැංකු අධිපතිවරයා කීවේය. 

‘කොවිඩ්-19’ වසංගතය මර්දනය සඳහා එන්නත් ලබාදීමේ කඩිනම් වැඩපිළිවෙළ දිරිගන්වන සුළු වුවත් කලින් බලාපොරොත්තු වූ ප්‍රමාණයෙන් සංචාරක කර්මාන්තය ඉක්මනින් යථා තත්ත්වයට පත්වීමක් ගෝලීය තත්ත්ව සැලකීමේදී පෙන්නුම් නොකරන බව ද හෙතෙම කීය. ඊට අමතරව විධිමත් මාර්ග ඔස්සේ කරනු සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම්වල මන්දගාමී බවක් දක්නට ලැබුණු බව ද ඔහු පැවැසීය.

෴ හර්ෂණ තුෂාර සිල්වා

Classified_Ad

Classified_Ad_News_Bottom