නිදහස් දිනය වෙනුවෙන් ආශිර්වාද පූජාවක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Aug 19, 2021

නිදහස් දිනය වෙනුවෙන් ආශිර්වාද පූජාවක්

75 වැනි ඉන්දීය නිදහස් දිනය නිමිත්තෙන් විශේෂ සැමරුම් උත්සවයක්, රත්මලාන පරම ධම්ම චේතිය පිරිවෙනේදී, පූජ්‍ය ආචාර්ය මාපලගම විපුලසාර මහා නායක හිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ ප්‍රධානත්ව‍‍යෙන් පසුගිය 15 වැනිදා පැවැත්විණි. 

පූජ්‍ය ආචාර්ය විපුලසාර හිමිපාණන් වහන්සේ විසින් ඉන්දීය ජාතික ධජය ඔසවනු ලැබුණි. ඉන්දීය සහ ශ්‍රී ලාංකික ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් විශේෂ ආශිර්වාද පූජාවක් ද සමරුමට සමගාමීව සිදුවිය. 

බුදු දහම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආධ්‍යාත්මික සබඳතා සවිමත් කරන ශක්තිමත් බැඳීමක් බව පූජ්‍ය ආචාර්ය මාපලගම විපුලසාර හිමිපාණෝ මෙම අවස්ථාවේදී පෙන්වා දුන්හ. ශ්‍රීලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මැතිතුමා ඉන්දීය නිදහස් දිනය පිරිවෙනෙහිදි සැමරීම වෙනුවෙන් සිය කෘතවේදීත්වය දුරකථනයෙන් ආචාර්ය විමලසාර හිමියන්ට පළ කළේය. 

2020 සැප්තැම්බර් මාසයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සමඟ අන්තර්ජාලය ඔස්සේ පැවති ද්විපාර්ශවික සමුළුවේදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 15ක ප්‍රදානයක් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුණි. මෙම ප්‍රදානය යටතේ සිදු කෙරෙන ව්‍යාපෘතීන් සම්බන්ධයෙන් සැලැසුම් සකස් කිරීම මේ වනවිට සිදුවෙමින් පවතී.

Classified_Ad

Classified_Ad_News_Bottom