මාස්ක් නැතිව සිටි බ්‍රිතාන්‍ය ජාතිකයාට සිර දඩුවම් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Aug 24, 2021

මාස්ක් නැතිව සිටි බ්‍රිතාන්‍ය ජාතිකයාට සිර දඩුවම්

මුහුණු ආවරණයක් නොමැතිව, සිංගප්පූරු මගී දුම්රියකින් ගමන් කළ බ්‍රිතාන්‍ය ජාතිකයකුට සිංගප්පූරු අධිකරණයක් සති 6 ක සිරදඩුවමක් නියම කළේය. බෙන්ජමින් ග්ලින් නමැති 40 හැවිරිදි මෙම බ්‍රිතාන්‍ය ජාතිකයා මුහුණු ආවරණයක් නොපැලඳ සිංගප්පූරු දුම්රියක ගමන් කර ඇත්තේ පසුගිය මැයි මාසයේය. 

පුහුණු ආවරණයක් පැලඳ ගන්නැයි දුම්රියේ සිටි මගීන් ඔහුට දිගින් දිගටම පවසද්දී, ඔහු එම මගීන් ට පරුෂ වචනයෙන් බැණ වැදී ඇත. පොලිසිය දුම්රියෙන් බසිද්දී, බෙන්ජමින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ අතර, නිරෝධායන නීති යටතේ ඔහුට චෝදනා ගොනු කිරීම සහ අධිකරණයට යොමු කිරීම සිදුවිය. ඊට පෙර ඔහුගේ මානසික තත්ත්වය පරීක්ෂා කිරීමට විශේෂ සායනයකට යොමු කරන්නැයි අධිකරණය නියෝග කර තිබුණි.

පසුගියදා අධිකරණයට ඉදිරිපත් කළ විට, බෙන්ජමින් ග්ලින් අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ තමන්ගේ ගුවන් බලපත්‍රය ආපසු දෙන ලෙසත්, තමන්ට සහ තමන්ගේ පවුලේ සාමාජිකයන්ට සිංගප්පූරුවෙන් පිටවීමට ඉඩ දෙන ලෙසත්ය. අධිකරණය ඊට කන් නොදුන් අතර, බෙන්ජමින් ග්ලින් ට සති 6 ක සිරදඩුවමක් නියම කෙරුණි.

සිංගප්පූරුව යනු ආසියාවේ ව්‍යාපාරික කේන්ද්‍රස්ථානයකි. 'කොවිඩ් 19' ව්‍යාප්තිය වළක්වා ගැනීමට දැඩි නීති පනවා ඇති අතර, එම නීති කඩ කරන්නන්ට උපරිම දඩුවම් ලබා දීම ද සිදුවෙයි. සිංගප්පූරුවේ මුහුණු ආවරණ අනිවාර්ය කර තිබේ. මීට පෙර පසුගිය පෙබරවාරියේ ද මුහුණු ආවරණ නොපැලඳ ප්‍රසිද්ධි ස්ථානයක සිටි බ්‍රිතාන්‍ය ජාතික තරුණයකුටත් තරුණියකටත් සති දෙක බැගින් සිර දඩුවම් නියම කෙරුණි.

෴ උපුටා ගැනීම - REUTERS

Classified_Ad