ඇෆ්ගන් සරණාගතයන්ට රටවල් රැසක පිහිට - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Aug 18, 2021

ඇෆ්ගන් සරණාගතයන්ට රටවල් රැසක පිහිට

තලේබාන්වරුන්ට බියෙන් ඇෆ්ගනිස්තානය හැර පලා ආ ඇෆ්ගන් සරණාගතයන්ට පිහිට වීමට ජර්මනිය, මහා බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් රැසක් ඉදිරිපත් වී සිටී. 

අවසන් වරට බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාව ඇෆ්ගනිස්තානයේ සිට ගෙන්වා ගත් හමුදා ගුවන් යානයේ බ්‍රිතාන්‍ය ජාතිකයන්ට අමතරව, ඇෆ්ගන් සිවිල් වැසියන් පිරිසක් ද සිටි බව වාර්තා වේ. මේ වනවිට, මේ වසර මුල සිට මේ දක්වා ඇෆ්ගන් වැසියන් 20,000 සරණාගතයන් ලෙස මහා බ්‍රිතාන්‍යයට පැමිණ සිටින බවත්, ඔවුන්ට අවශ්‍ය පහසුකම් කඩිනමින් ලබා දෙන බවත් බ්‍රිතාන්‍ය රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 

ජර්මනිය නිවේදනය කළේ ඔවුන්ගේ හමුදා සොල්දාදුවන් ඇෆ්ගන් වැසියන් 130 දෙනකු සරණාගතයන් ලෙස එරටට ගෙනැවිත් ඇති බවය. ඇමෙරිකාව ද ඔවුන්ගේ හමුදා ගුවන් යානා යොදා ගනිමින් හැකි පමණින් ඇෆ්ගන් සිවිල් වැසියන් එරටින් රැගෙන යෑමට කටයුතු කළ බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 

අවසන් වරට ඇමෙරිකන් වැසියන් 1,100 දෙනකු සහ ඇෆ්ගන් සිවිල් වැසියන් 3,200 දෙනකු ඇමෙරිකාවට ගෙන්වා ගැනීමට බයිඩන් පරිපාලනය පියවර ගෙන ඇත. ඇෆ්ගනිස්තානය යළි තලේබාන් සංවිධානය අතට පත් වූයේ ඇමෙරිතන් ජනාධිපති ජෝ බයිඩන් ඇෆ්ගනිස්තානයෙන් ඇමෙරිකන් සහ නේටෝ හමුදා සෙබළුන් කඩිමුඩියේ ආපසු ගෙන්වා ගත් බැවිනි. 

පසුගිය ජූලි 8 වැනිදා ද බයිඩන් මාධ්‍ය හමුවක දී කියා සිටියේ විදෙස් හමුදා ගිය පසු තලේබාන්වරුන්ට යළි ඇෆ්ගනිස්තානයේ බලය තහවුරු කර ගැනීමට කිසිදු ඉඩක් නොමැති බවය. 

කෙසේ නමුත් තලේබාන්වරුන් දින කීපයක් අඅතුළත ඇෆ්ගනිස්තානය මුළුමනින්ම අල්ලා ගැනීම ඇමෙරිකාව සහ බටහිර රටවලට එල්ල වුණු අතුල් පහරක් ලෙස සැලකෙයි. 

ඇෆ්ගන් සිවිල් වැසියන්ගේ ජීවිත අනතුරේ දැමීම සම්බන්ධයෙන් මේ වනවිට ජනාධිපති බයිඩන්ට දොස් ඇසීමට සිදුවී ඇති අතර, බයිඩන්ගේ ජනප්‍රියත්වය පවා අඩු වී ඇතැයි පැවැසෙයි. 

මේ අතර ඇමෙරිකාවත් මහා බ්‍රිතාන්‍යයත් ඇෆ්ගන් සරණාගතයන් වෙනුවෙන් නව සරණාගත වැඩපිළි‍‍වෙළක් සකස් කරන බව ද පවසා තිබේ. 

ලතින් ඇමෙරිකාවට අයත් චිලී රාජ්‍යයේ ජනාධිපති සෙබෙස්තියන් පිනේරා පවසා ඇත්තේ ඇෆ්ගනිස්තානයේ කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරිනියන්, නීතීඥවරියන් ඇතුළු 10 දෙනකු සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් චිලී රාජ්‍යයට ගෙන්වා ගැනීමට කටයුතු කළ බවය. 

උගන්ඩාව පවසා ඇත්තේ ඔවුන් ඇෆ්ගන් සරණාගතයන් 2,000 ක පිරිසකට තාවකාලිකව එරට රැදී සිටීමට අවසදර ලබා දුන් බවය. 

මේ වනවිට ඇෆ්ගන් පාකිස්තාන දේශසීමා විවෘත කර ඇති බැවින්, තලේබාන් පාලකයන්ට බියෙන් ඇෆ්ගන් වැසියන් දස දහස් ගණනක් පාකිස්තානයට ගොස් ඇතැයි අල් ජසීරා පුවත් සේවය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 

 එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය තලේබාන් පලකයන්ටය පවසා ඇත්තේ තව දුරටත් ඇෆ්ගනිස්තානයේ තමන්ගේ සේවා පවත්වාගෙන යෑමට තමන් සූදානම් බවය. 

'අප දිගටම ඇෆ්ගනිස්තානයේ රැදී සිටින්න කැමතියි. ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමට කැමැත්තක් දක්වන ඕනෑ කෙනකුට අපගේ සහයෝගය ලැබෙනවා' යැයි එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය වෙනුවෙන් එහි නියෝජිතවරිය කතරිනා ලිමුප් පවසා ඇත. 

යුරෝපා සංගමය පවසා ඇත්තේ තමන් ඇෆ්ගනිස්තානයේ නව රජය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බවය. කාබුල් අගනුවර තලේබාන්වරුන්ගේ ග්‍රහණයට නතුවීමත් සමඟ කාබුල් ඇමෙරිකන් සොල්දාදුවන් කාබුල් ගුවන්තොටුපොළේ තාවකාලික ලෙස තානාපති කාර්යාලයක් පිහිටුවා ඇත. තලේබාන් ග්‍රහණයෙන් බේරී යන සිවිල් වැසියන්‌ට සහාය ලබා දෙන්නේ මෙම ගුවන්තොටුපොළේ සිටින මෙම ඇමෙරිකන් සොල්දාදුවන්ය.

෴ උපුටා ගැනීම - Al Jazeera

Classified_Ad

Classified_Ad_News_Bottom