එන්නත් නොගත් ජනපතිට අවසර - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Sep 23, 2021

එන්නත් නොගත් ජනපතිට අවසර

'කොවිඩ් 19' වයිරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නතක් ලබා නොගත් බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ ඇමෙරිකාවට පැමිණ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගී වූයේ විශේෂ අවසරයක් යටතේය. 

මෙවර 76 වැනි මහා මණ්ඩල සැසියේ පළමු දේශනය ඉදිරිපත් කිරීමට අවස්ථාව උදා වී තිබුණේ ද බ්‍රසීල ජනාධිපති බොල්සරානෝටය. නිව්යෝක් නුවරට පැමිණෙන සියලු දෙනා 'කොවිඩ් 19' වයිරසයට එරෙහිව එන්නත් ලබා ගෙන තිබීම අනිවාර්ය වන අතර, නිව්යෝක් නුවරට පැමිණෙද්දී එන්නත් කාඩ්පත ඉදිරිපත් කළ යුතු වෙයි. 

කෙසේ නමුත්, මහා මණ්ඩල සැසියට සහභාගී වීම සඳහා නිව්යෝක් පැමිණෙන රාජ්‍ය නායකයන් එන්නත් ලබාගෙන තිබෙනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් කිසිදු සොයා බැලීමක් නොකිරීමට තීරණය කර තිබේ. ඒ, රාජ්‍ය නායකයන්ට කරන ගෞරවයක් වශයෙනි. ඒ අනුව රාජ්‍ය නායකයන්ට විශේෂ අවසරයක් හිමි වෙයි. 

එසේ විශේෂ අවසරයක් හිමිවුවත්, එන්නත් ලබා නොගත් රාජ්‍ය නායකයන්ට සීමා පැනැවීම් සිදුවෙයි. ඔවුන්ට සෙසු රාජ්‍ය නායකයන් මුහුණට මුහුණ හමුවීම කළ නොහැකිය. බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ එන්නත ලබා ගැනීම මුලසිටම ප්‍රතික්ෂේප කළ අයෙකි. ඔහු 'කොවිඩ් 19' වයිරසය ආසාදිතයකු ද විය. 

ප්‍රසිද්ධියේ මුහුණු ආවරණ නොපැලදීම හේතුවෙන් බ්‍රසීල ජනාධිපතිවරයාට අවස්ථා කීපයකදී දඩ කෑමට ද සිදුවිය. තමන් එන්නත ප්‍රතික්ෂේප කළත්, මේ වනවිට බ්‍රසීල වැසියන්ට එන්නත් ලබා දීම සිදුවන බවත්, බ්‍රසීල ආර්ථිකය යළි පණ ගැන්වීමට තමන් පියවර ගන්නා බවත් බොල්සරානෝ සිය දේශනයේ දී පැහැදිලි කළේය. 

ඊට අමතරව පරිසරය සුරැකීම වෙනුවෙන් පවතින නීතිවලට අනුව කටයුතු කරන බවත්, අනවසර වන විනාශ නැවැත්වීමට පියවර ගන්නා බවත් මහා මණ්ඩල සැසිය අමතමින් බ්‍රසීල ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

෴ උපුටා ගැනීම - CNN

Classified_Ad

Classified_Ad_News_Bottom