ජර්මන් ෆෙඩරල් මැතිවරණය ඇරැඹේ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Sep 26, 2021

ජර්මන් ෆෙඩරල් මැතිවරණය ඇරැඹේ

ජර්මනියේ චාන්සලර්වරිය වන ඇන්ගෙලා මර්කෙල් විශ්‍රාම යෑමට තීරණය පසු පැවැත්වෙන තීරණාත්මක ජාතික ඡන්ද විමසීම අද (26) පැවැත්වෙයි. 

ජර්මානු චාන්සලර් 2005 වසරේ සිට ජර්මනියේ බලය හොබවන අතර ජර්මනිය තවදුරටත් ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ඇයට බොහෝ පාර්ශවවලින් ප්‍රශංසා හිමි වී තිබේ. එපමණක් නොව ජාත්‍යන්තරය තුළ ශක්තිමත් නායිකා ව ලෙස ද ඇය පිළිගැනීමට ලක්ව ඇත. 

 ජර්මානු චාන්සලර්වරියගේ ක්‍රිස්ටියන් ඩිමොක්‍රටික් යුනියන් (සී.ඩී.යු) පක්ෂයට මධ්‍ය වාමාංශික සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් දැඩි තරගයක් එල්ල වී තිබේ. ජර්මනිය යනු යුරෝපයේ විශාලතම ආර්ථිකයට හිමිකම් කියන රට ය. 

මෙවර මැතිවරණයෙන් පසු ජර්මනියේ චාන්සලර් ධුරයෙන් ඉවත් වීමට ඇන්ගෙලා මර්කල් තීරණය කර තිබේ. ඇන්ගෙලා මර්කෙල් චාන්සලර් ධුරයෙන් ඉවත් වීමට තීරණය කිරීමත් සමඟ මෙවර ජර්මානු මැතිවරණය එරට ඉතිහාසයේ තීරණාත්මක එකක් වනු ඇතැයි පැවැසෙයි.

මෙවර මැතිවරණයේ දී කිසිදු පක්ෂයකට බහුතර බලයක් ලැබෙනු නැතැයි ද බොහෝ විට සන්ධාන ආණ්ඩුවක් නිර්මාණය වනු ඇතැයි ද දේශපාලන විචාරකයන් පෙන්වා දී ඇත. සන්ධාන ආණ්ඩුවක් නිර්මාණය කිරීමේ සාකච්ඡා මාස ගණනාවක් යනු ඇතැයි ද එම නිසා මර්කෙල් ට භාරකාර ධුරයක් දැරීමට සිදුවනු ඇතැයි ද පැවැසෙයි.
ජර්මානු චාන්සලර් ඇන්ගෙල් මර්කෙල්ගේ ක්‍රිස්ටියන් ඩිමොක්‍රටික් යූනියන් පක්ෂය, මධ්‍යස්ථ මතධාරී පක්ෂයක් ලෙස සැලකෙයි. 

සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (එස්.පී.ඩී.), ග්‍රීන්ස් සහ අන්ත වාමාංශික, වමේ පක්ෂය සමඟ එක්ව සන්ධානයක් පිහිට වුවහොත් එය යුරෝපය අස්ථාවර කරනු ඇතැයි ආර්මින් ලාෂට් පැවැසීය. ආර්මින් ලාෂට්, ඇන්ගෙලා මර්කෙල්ගේ පක්ෂය නියෝජනය කරන අතර චාන්සලර් ධුරයට තරග වදියි.

 “වමේ සන්ධානයක් ආවොත් ඔවුන් අපේ රටේ නේටෝ සංවිධානයෙන් ඉවත් කරගනියි. ඔවුන් මේ සන්ධානයට කැමැති නැහැ. ඔවුන්ට වුවමනා තවත් ජනරජයක්. වමේ පක්ෂයේ ඊළඟ ආණ්ඩුව කරගන්න මට වුවමනා නැහැ” යැයි 60 හැවිරිදි ලාෂට් පවසා ඇත.

ලාෂට් ගේ ප්‍රධාන ප්‍රතිවාදියා වී ඇත්තේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ඔලාෆ් ෂෝල්ස් ය. හෙතෙම මර්කෙල්ගේ දක්ෂිණාංශික-වාමාංශික සන්ධාන ආණ්ඩුවේ මුදල් අමාත්‍ය ධුරය ද හෙබවීය. රූපවාහිනි විවාදවල මුල් තැන ගත් චාන්සලර් ධුර අපේක්ෂකයා වන්නේ ද ඔහු ය.

෴ හර්ෂණ තුෂාර සිල්වා - REUTERS

Classified_Ad

Classified_Ad_News_Bottom