විකෘති ප්‍රභේද වැඩි කාලයක් වාතයේ රැඳෙනවා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Sep 26, 2021

විකෘති ප්‍රභේද වැඩි කාලයක් වාතයේ රැඳෙනවා

අලුතින් නිර්මාණය වන 'කොවිඩ් 19' නව විකෘති ප්‍රභේද, 'කොවිඩ් 19' මුල් ප්‍රභේදයට වඩා වැඩි වේලාවක් වාතයේ රැඳී පවතිනවා යැයි ඇමෙරිකාවේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ බොල්ටිමෝර් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් නිකුත් කළ අධ්‍යයන වාර්තාවක දැක්වෙයි. 

ඒ අනුව, ඉදිරියේ දී බිහිවන 'කොවිඩ් 19' විකෘති ප්‍රභේද, වාතය මගින් ව්‍යාප්තවීමේ අවදානමක් පවතිනු ඇතැයි ද එම වාර්තාවේ සඳහන් වෙයි.

'සාමාන්‍යයෙන් වයිරසයක ස්වභාවය වෙනස් වීමයි. පරිණාමය වීමයි. කොවිඩ් 19 එසේ මෙසේ වයිරසයක් නොවෙයි. එය අප හිතනවාට වඩා ඉක්මණින් වෙනස් වෙනවා. අප එන්නත් නිපදවද්දී, වයිරසය ඒවාට ප්‍රතිරෝධයක් දක්වමින් වෙනස් වෙනවා. ඉදිරියේ දී කොවිඩ් 19 විකෘති ප්‍රභේද වාතයෙන් පැතිරෙන්න පටන් ගනීවි' යැයි අධ්‍යයන වාර්තාව සකස් කළ ආචාර්ය ඩොනල්ඩ් මිල්ටන් පැහැදිලි කර තිබේ.

'කොවිඩ් 19' වයිරසය ආසාදිතයකුගෙන් නිරෝගී කෙනකුට ආසාදනය වන්නේ නාසයෙන් සහ මුඛයෙන් පිටවන විෂ බීජ අංශු නිරෝගී තැනැත්තාගේ නාසයෙන් ඇතුළු වීමෙනි. වයිරසය මීටරයක දුරක් වාතයේ පවතී. සමාජ දුරස්ථභාවය වැදගත් වන්නේ මේ නිසාය. 

කෙසේ නමුත් වාතයේ වැඩිවේලාවක් රැඳී පවතින්නේ නම්, මීටරයක දුර මින් ඉදිරියට ප්‍රමාණවත් නොවනු ඇති බව වෛද්‍ය පර්යේෂකයෝ පැහැදිලි කරති. 'කොවිඩ් 19' නව විකෘති ප්‍රභේදවලින් ආරක්ෂා වීමට නම් මුහුණු ආවරණ එසේත් නැතිනම් මාස් දෙකක් පැලඳීම අනිවාර්ය බව ද සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දී තිබෙන්නේ මෙහෙයිනි. 

මේ අතර අලුතින් සොයා ගන්නා 'කොවිඩ් 19' විකෘති මෙතෙක් නිපදවා ඇති ප්‍රතිශක්තිකරණ එන්නත්වලින් අඩපණ කළ නොහැකි බව ද වාර්තා වේ.

෴ උපුටා ගැනීම - CNN

Classified_Ad