නවසීලන්තයේ පිහි ප්‍රහාරයක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Sep 3, 2021

නවසීලන්තයේ පිහි ප්‍රහාරයක්

නවසීලන්තයේ බටහිර ඕක්ලන්ඩ් නුවර 'ලින්මොල්' සුපිරි වෙළඳ සංකීර්ණයට කඩා වැදුණු අයකු කළ පිහි ප්‍රහාරයකින් 6 දෙනෙක් තුවාල ලැබූහ. 

එය ත්‍රස්ත ප්‍රහාරයක් බවත්, ප්‍රහාරය එල්ල කළ තැනැත්තා ශ්‍රී ලාංකිකයකු බවත් ඔහු අයි.එස්.අයි.එස්. සාමාජිකයකු යැයි සැක කරන බවත් නවසීලන්ත අගමැතිනී ජැසෙන්ඩා එර්ඩර්න් පවසයි.

පිහි ප්‍රහාරයට ලක්වූවන් කඩිනමින් රෝහල් ගත කෙරුණු අතර ඔවුන්ගෙන් තිදෙනකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වේ.‍ පිහි ප්‍රහාරය සැලවීමත් සමඟ, වහා ක්‍රියාත්මක වී සුපිරි වෙළෙඳ සංකීර්ණයට ඇතුළු වුණු පොලිස් නිලධාරීන් කළ වෙඩි තැබීමෙන් ප්‍රහාරය එල්ල කළ තැතැන්තා මියගිය බව ද අග්‍රාමාත්‍යවරිය මාධ්‍ය හමුවේ දී පැහැදිලි කර තිබේ. 

අන්තවාදී අදහස් ඇති අයකු බව හඳුනාගෙන තිබුණු බැවින් පොලිසිය එම තැතැත්තා සම්බන්ධයෙන් 2016 වසරේ සිට විමසිල්ලෙන් පසුවුණු බව ද මාධ්‍ය හමුවේ දී අග්‍රාමාත්‍යවරිය වැඩි දුරටත් පැවැසුවාය. එම මාධ්‍ය හමුවට පොලිස්පති ඇන්ඩෲ කොස්ටර් ද එක් වි සිටියේය. 

෴ උපුටා ගැනීම - Daily Mail

Classified_Ad

Classified_Ad_News_Bottom