සිංගප්පූරු වැසියන් ගැන රොබෝලා ඔත්තු බලනවා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Sep 7, 2021

සිංගප්පූරු වැසියන් ගැන රොබෝලා ඔත්තු බලනවා

'කොවිඩ් 19' වසංගතය මැද, සිංගප්පූරු වැසියන් මුහුණු ආවරණ පැලඳීම, සමාජ දුරස්ථභාවය රැක ගැනීම ආදී යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්නේදැයි සොයා බැලීමට සිංගප්පූරු බලධාරීන් රොබෝ යන්ත්‍ර යොදවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 

සිංගප්පූරු රජය, සෞඛ්‍ය අමත්‍යාංශය, ජාතික තාක්ෂණ ආයතනය, පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එක් වී මෙම නව 'ඔත්තු බැලීමේ' වැඩසටහන ආරම්භ කර ඇත. 

රොබෝ යන්ත්‍ර දුරස්ථ පාලනයෙන් ක්‍රියාත්මක වන අතර, පොලිස් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් ඒවායේ කැමරා යොදා ගනිමින් ජනතාව යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමන කරනවාදැයි නිරීක්ෂණය කරන බව පැවැසෙයි. 

නියමු වැඩසටහනක් ලෙස මෙම ඔත්තු බැලීමේ වැඩසටහන ආරම්භ වූයේ 'සේවියර්' යන නමින් නම් කළ රොබෝ යන්ත්‍ර දෙකක් සිංගප්පූරුවේ කාර්ය බහුල වීදිවල සැරිසරන්න සලස්වමින් යැයි ද පැවැසෙයි.

'සේවියර්' යන රොබෝ යන්ත්‍ර පොලිසිය විසින් භාවිතයට ගන්නේ අපරාධකරුවන් සහ සැකකටයුතු පුද්ගලයන් සම්බන්ධයෙන් ඔත්තු බැලීම් සිදු කිරීමටය. 

කෙසේ නමුත්, 'කොවිඩ් 19' වසංගතය හමුවේ සිංගප්පූරු වැසියන් යහපත් සෞඛ්‍ය පුරුදු පවත්වාගෙන යන්නේදැයි නිරීක්ෂණ කිරීමටත් එසේ නොකරන පිරිස් හඳුනා ගනිමින් නිරෝධායන නීති යටතේ දඩුවම් ලබා දීමටත් අවශ්‍ය බව ස්වදේශ කටයුතු අමත්‍යාංශයට පෙන්වා දී ඇත්තේ සිංගප්පූරු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය යැයි ද පැවැසෙයි.

සිංගප්පූරුව සැලකෙන්නේ නගර රාජ්‍යයක් ලෙසය. 'කොවිඩ් 19' වසංගතය පාලනය කර ගැනීමේ අරමුණින් සිංගප්පූරුවේ සාර්ථක එන්නත්කරණ වැඩසටහනක් ද ක්‍රියාත්මක වෙයි. සිංගප්පූරුවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් ගණන 68,901 කි. සමස්ත මරණ වාර්තා වන්නේ 55 ක් ලෙසය.

෴ උපුටා ගැනීම - REUTERS

Classified_Ad

Classified_Ad_News_Bottom