ඉන්දියාව විදෙස් සංචාරකයන්ට අවසර දෙයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Stay Safe

Oct 17, 2021

ඉන්දියාව විදෙස් සංචාරකයන්ට අවසර දෙයි

sample-ad-complete-big
.com/img/a/
'කොවිඩ් 19' ආසාදිතයන් සැලකිය යුතු අන්දමින් අඩුවීමත් සමඟ පසුගිය සිකුරාදා (15) සිට ඉන්දියාව යළි විදෙස් සංචාරකයන්ට විවෘත විය. අනුමත 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත් නියමිත මාත්‍රා ලබා ගත් විදෙස් සංචාරකයන්ට සෞඛ්‍ය නීතිරීති යටතේ ඉන්දියාවට ඇතුළුවීමට අවසර හිමිවෙයි. 

ඉන්දියාවට ඇතුළු වීමට පැය 72 කට පෙර, 'කොවිඩ් 19' සඳහා පරීක්ෂණයකට යොමු වී, 'කොවිඩ් 19' ආසාදිතයකු නොවිය යුතුය. ඉන්දීය රජය, සෞඛ්‍ය නිර්දේශ සැලකිල්ලට ගනිමින්, විදෙස් සංචාරකයන් සඳහා රට විවෘත කෙරුණේ අධියර කීපයක් යටතේය. පසුගිය 15 වැනිදා සිට ඉන්දියාවට ඇතුළු වීමට අවසර ලැබුණේ විශේෂයෙන් ආසන වෙන් කරවා ගනිමින් ඉන්දියාවට පැමිණෙන විදෙස් සංචාරකයන්ටය. 

සාමාන්‍ය ගුවන් ගමන් මගින් පැමිණෙන විදෙස් සංචාරකයන්ට ඉන්දියාවට ඇතුළු වීමට ඉඩ ලැබෙන්නේ එලැඹෙන නොවැම්බර් 15 වැනිදා සිට යැයි ඉන්දීය සංචාරක කටයුතු අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 'කොවිඩ් 19' වසංගතය හේතුවෙන් ඉන්දියාව විදෙස් සංචාරකයන් සඳහා වසා දැමීම සිදුවූයේ 2020 මාර්තු මාසයේ සිටය. ඉන්දියාව පළමු වරට මුළුමනින්ම ලොක්ඩවුන් කෙරුණේ ද 2020 මාර්තු මාසයේ සිටය.

Classified_Ad