Facebook නම වෙනස් වෙයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Oct 29, 2021

Facebook නම වෙනස් වෙයි

'ෆේස්බුක්' මවු සමාගම, මින් ඉදිරියට 'මෙටා' යනුවෙන් හැඳින්වෙන බවත්, තම සමාජ මාධ්‍ය සහ තාක්ෂණ මෙවලම් පරිශීලනය කරන්නන්ට ඩිජිටල් වටපිටාවක් තුළ තාත්වික පරිසරයක් නිර්මාණය කර දෙන බවත්, 'වර්චුවල් රියැලටි' තාක්ෂණය ද ඊට එක් කරන බවත් 'ෆේස්බුක්' සමාගමේ ප්‍රධානී මාර්ක් සකර්බර්ග් පවසයි.

'මෙටා' යන නව සන්නාමයෙන් තම මවු සමාගම මින් ඉදිරියට හැඳින්වුවත්, ෆේස්බුක් සමාජ මාධ්‍යයේ නම එලෙසින්ම පවතිනු ඇති බව ද සකර්බර්ග් වැඩි දුරටත් පැහැදිලි කර තිබේ. 

'ෆේස්බුක්' මවු සමාගමට 'ෆේස්බුක්' ඇතුළු තවත් සමාජ මාධ්‍ය ජාලා කීපයක් ඇතුළත්ය. ඒවා මාර්ක් සකර්බර්ග් විසින් මිලදී ගෙන ෆේස්බුක් ජාලයට එක් කර ඇත. එම සමාජ මාධ්‍ය ජාලා වන්නේ 'මැසෙන්ජර්', 'වොට්ස්අප්', 'ඉස්ටග්‍රෑම්' ආදියයි. ඊට අමතරව 'වර්චුවල් රියැලටි' තාක්ෂණ මෙවලම් ද ඊට අයත් වෙයි. 

මින් ඉදිරියට මේ සියල්ල පොදුවේ හැඳින්වෙනු ඇත්තේ 'මෙටා' යනුවෙනි. 'වර්චුවල් රියැලටි' තාක්ෂණ 'මෙටා' සමාගමට ඇතුළත් කෙරෙන්නේ සකර්බර්ග් විසින් මිලදී ගනු ලැබ ඇති 'ඔකලස්' සමාගම හරහාය. 

මෙමගින් ත්‍රිමාණ තාක්ෂණයෙන් පරිගණක ක්‍රීඩාවලට සම්බන්ධ වීමට හැකියාව ලැබෙනු ඇත. 'ෆේස්බුක්' සමාගම 'මෙටා' ලෙස වෙනස් වී ඇත්තේ, 'ෆේස්බුක්' සමාගම දැඩි ආන්දෝලනයකට ලක් වී ඇති අවස්ථාවකය. 

෴ උපුටා ගැනීම - CNN

Classified_Ad

Classified_Ad_News_Bottom