කුෂිනගර් බලා ගුවන් ගමන් ඇරැඹේ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Oct 20, 2021

කුෂිනගර් බලා ගුවන් ගමන් ඇරැඹේ

ශ්‍රී ලංකාව සහ ඉන්දියාවේ කුෂිනගර් අතර ගුවන් ගමන් අද (20) සිට ආරම්භ වෙයි. 

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ කුෂිනගර් හි අලුතින් ඉදි කර ඇති ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සහ ශ්‍රී ලංකාව අතර මෙම ගුවන් ගමන් ආරම්භ වන අතර එහි දි කුෂිනගර් වෙත යන පළමු බෞද්ධ වන්දනාකරුවන් කණ්ඩායම රැගත් ගුවන් යානය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් පිටත් විය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් මෙම ගුවන් තොටුපොළ විවෘත කිරීමට නියමිත අතර ඊට පැමිණෙන පළමු ගුවන් යානය ලෙස මෙලෙස මහ සංඝරත්නය පිරිවරාගත් ගුවන් යානය ශ්‍රී ලංකාවෙන් පිටත් වීම සිදුවිය.

බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ 100කගෙන් සමන්විත බෞද්ධ වන්දනාකරුවන් පිරිසක් මෙම ගුවන් ගමනට එක්වුණු බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේය.

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙම දූත පිරිසේ මූලිකත්වය ගෙන කටයුතු කරන අතර සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා ද මෙම දූත පිරිසට එක් වූයේය. 

දෙරටේ රාජ්‍ය නායකයන් අතර විඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති සාකච්ඡාවලදී අන්තර් පුද්ගල සම්බන්ධතා සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණු අතර කුෂිනගර් සහ කොළඹ අතර බෞද්ධ සංචාරක කටයුතු ආරම්භ කිරීම සම්බන්ධයෙන් මීට පෙර අවස්ථා කිහිපයකදී සාකච්ඡා කෙරුණි. 

ඉකුත් දා කෙරුණු ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංගලා මහතාගේ මෙරට සංචාරයේදී ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණි.

෴ හර්ෂණ තුෂාර සිල්වා

Classified_Ad

Classified_Ad_News_Bottom