රාජ්කුමාර්ට මංගල සීනු - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Nov 15, 2021

රාජ්කුමාර්ට මංගල සීනු

බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය මෙන්ම සම්මානනීය නළුවකු වන රාජ්කුමාර් රාඕ සහ බොලිවුඩ් සිනමා නිළියක වන පත්‍රලේඛාගේ විවාහ මංගල උත්සවය පන්ජාබයේ චන්දිගාර් නුවරදී පැවැත්විණි. ඒ, ඥාතීන් සහ සමීපතම මිතුරන් කීප දෙනකුගේ සහභාගීත්වයෙනි. 

රාජ්කුමාර් රාඕ (37) සහ පත්‍රලේඛා (32) දශකයකට වැඩි කාලයක් පෙම්වතුවන් වී සිටි බව ඔවුන්ගේ සමාජ මාධ්‍ය පරිශ්‍රීලකයන්ට අමුත්තක් නොවෙයි. පසුගිය 13 වැනිදා දෙදෙනො විවාහ ගිවිස ගැනීම සිදුවිය. එය ද සමාජ මාධ්‍ය ඔස්සේ කැපී පෙනෙන සිදුවීමක් බවට පත් විය. වසර 11 ක ප්‍රේමය තව දුරටත් වර්ධනය වූ බවත් පත්‍රලේඛා තමන්ගේ ආදරණීය බිරිඳ බවට පත් කර ගැනීමට හැකිවීම වාසනාවක් බවත් රාජ්කුමාර් රාඕ සිය ඉන්ටග්‍රෑම් ගිණුම ඔස්සේ පවසා ඇත. 
පත්‍රලේඛා ද සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ පවසා ඇත්තේ වසර 11 ක් තිස්සේ තමන්ගේ පෙම්වතා සහ හොඳම යහළුවා ලෙස තමන්ගේ ජීවිතයට සම්බන්ධ වූ රාජ්කුමාර් රාඕගේ බිරිඳ වීමට ලැබීම සතුටක් බවය. 

රාජ්කුමාර් රාඕ මෙන් ජනප්‍රිය නොවුණත්, පත්‍රලේඛා චිත්‍රපට කීපයකට සහ හින්දි වෙබ් කතාමාලා කීපයකට රංගනයෙන් දායක වී ඇත. ඇය හොඳම නවක නිළිය ලෙස සම්මානයට පාත්‍ර වූයේත් සිනමාලෝලීන්ගේ මෙන්ම විචාරකයන්ගේත් පැසැසුමට ලක්වූයේත් 2014 වසරේ තිරගත වුණු City Lights චිත්‍රපටයෙනි. මෙම චිත්‍රපටයේ රාජ්කුමාර් රාඕ ද චරිත නිරූපණය කරයි. ඊට අමතරව, Love Games, Badnaam Gali සහ Nanu Ki Jaanu පත්‍රලේඛාගේ රංගනයෙන් හැඩවුණු සිනමා නිර්මාණයන්ය.

෴ උපුටා ගැනීම - Times of India

Classified_Ad

Classified_Ad_News_Bottom