හිරුට හාදු දුන් නාසා යානය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Dec 17, 2021

හිරුට හාදු දුන් නාසා යානය

සූර්යයා එසේත් නැතිනම් හිරු ගවේෂණයට යැවූ රෝබෝ යානය, හිරුගේ ඉහළ රැස් වළල්ල අතරින් ගමන් කරමින්, දත්ත රැස් කළ බව ඇමෙරිකාවේ නාසා ආයතනය පවසයි. 

‘පාකර් සෝලර් ප්‍රෝබ්’ යන නමින් නම් කළ මෙම රොබෝ යානය, මිනිසා විසින් හිරු ගවේෂණයට යැවූ පළමු ගවේෂණය යානයයි. ‘පාකර් සෝලර් ප්‍රෝබ්’ හිරුගේ චුම්බක ක්ෂේත්‍රය අධ්‍යයනය කරමින්, හිරුගේ අංශු සාම්පල එක්රැස් කළ බව නාසා ආයතනය කියයි. 

යානය නිපදවා ඇත්තේ හිරුගේ අධික තාපයට ඔරොත්තු දෙන අන්දමින් විශේෂිත ක්‍රමයකටය. රොබෝ යානය, හිරුගේ ඉහළ රැස් වළල්ල අතරින් ගමන් කරමින් දත්ත රැස් කර තිබෙන්නේ පසුගිය අප්‍රේල් 28 වැනිදාය. 

එම දත්ත විශ්ලේෂණය කරමින් ඒ බව තහවුරු කිරීමට නාසා විද්‍යාඥයන්ට මාස කීපයක් ගතවිය. ඒ අනුව, ‘පාකර් සෝලර් ප්‍රෝබ්’ රොබෝ යානයේ වික්‍රමය ලොවට අනාවරණය සිදු කෙරුණේ ඊයේ (16) ය. 

ඒ සදහා විශේෂ මාධ්‍ය හමුවක් ද පැවැත්විණි. නාසා ආයතනය ‘පාකර් සෝලර් ප්‍රෝබ්’ යානය පෘථිවියෙන් පිටත් කර හිරු වෙත යැවීම සිදුවූයේ 2018 දීය. එය හිරු වටා යමින් සෙමින් සෙමින් හිරුට ළං වීම සිදුවිය. යානය ගමන් කරන්නේ පැයට කිලෝ මීටර් 6,92,000 සුපිරි වේගයකිනි. ‘පාකර් සෝලර් ප්‍රෝබ්’ යානය නිපදවීමට වැය වී ඇති මුදල ඇමෙරිකන් ඩොලර් බිලියන 1.5 කි.

෴ උපුටා ගැනීම - REUTERS

Classified_Ad

Classified_Ad_News_Bottom