ජර්මන් චාන්සලර් ඇමෙරිකාවේ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Katayam.com

Feb 8, 2022

ජර්මන් චාන්සලර් ඇමෙරිකාවේ

ඇමෙරිකාවට පැමිණි ජර්මන් චාන්සලර් ඕලාෆ් ෂොල්ස් සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි. ඕලාෆ් ෂොල්ස්, ජර්මන් චාන්සල් ධුරයට පත් වූයේ පසුගිය 2021 වසරේදීය. 

ඕලාෆ් ෂොල්ස් ජර්මන් චාන්සල්වරයා ලෙස ඇමෙරිකා සංචාරයකට එක් වූයේත්, ජනාධිපති බයිඩන් මුහුණට මුහුණ හමුවූයේත් පළමු වරටය. චාන්සල්වරයාගේ ධවල මන්දිරයට ගොස් ඇමෙරිකන් ජනාපධිතිවරයා හමුවූයේ යුක්රේනය මුල්කොට ගනිමින් හටගෙන ඇති අර්බුදය ගැන සාකච්ඡා පැවැත්වීමටය. 

රුසියාවේ තර්ජනවලට මුහුණ දෙමින්, සාමකාමී අයුරින් හටගත් අර්බුදය සමථයකට පත් කර ගැනීම කළ යුතු බව ඕලාෆ් ෂොල්ස් සහ ජෝ බයිඩන් අතරේ සාකච්ඡාවට බඳුන් විය. ධවල මන්දිරයට පැමිණි ජර්මන් චාන්සල්වරයා ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමට ඇමෙරිකන් ජනාපධිති බයිඩන් කටයුතු කළේය. 

යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් පමණක් නොව ජර්මන් ඇමෙරිකා සබඳතා තව තවත් වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් ද ඕලාෆ් ෂොල්ස්, සහ ජෝ බයිඩන් අතරේ සාකච්ඡා කෙරුණි. 

සාකච්ඡාවලින් පසු ජර්මන් චාන්සල්වරයා මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ, තමන් සහ බයිඩන් අතර පැවැති හමුව ඉතා වැදගත් එකක් වූ බවත්, යුක්රේනය මුල්කොට ගනිමින් රුසියාවෙන් එල්ල වන තර්ජනවලට මුහුණ දීම සම්බන්ධයෙන් දැඩි තීරණ ගත් බවත්ය.

෴ උපුටා ගැනීම - CNN

No comments:

Post a Comment

Stay Safe

Stay_Safe Free_Ad