ආර්ථික සබඳතා ගොඩනගා ගන්නවා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Feb 20, 2022

ආර්ථික සබඳතා ගොඩනගා ගන්නවා

ශ්‍රී ලංකාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර ආර්ථික සම්බන්ධතා ගොඩනැගීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපතිය පවසයි. 

ශ්‍රී ලංකාවට පැමිණීමට, ගුවන් යානයට ගොඩ වීමට පෙර නව ඇමෙරිකානු තානාපතිනි ජූලී ජේ චන්ග්, ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් හමුවෙමින් ඒ බව පවසා ඇත. 

 නව තානාපතිනිය නිකුත් කළ ට්විටර් පණිවුඩයේ මෙසේ ද දැක්වේ. 

“කොළඹට පැමිණීමට ගුවන් යානයට ගොඩවීමට පෙර මම රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් මහතා හමු වුණා. මා ඔහුට පැවැසූ පරිදි ශ්‍රී ලංකාව මීළඟ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිවරිය වීමට ලැබීම සත්‍ය වශයෙන් ම ගෞරවයක්. මම ශ්‍රී ලංකා රජය, සිවිල් සමාජය සහ ඔබ වැන්නන් සමඟ දෙරටේ ආර්ථිකය ගොඩනැගීමටත් දෙරට අතර බෙදාහදාගත් අගනාකම් සහ සම්බන්ධතා ශක්තිමත් කරගැනීමටත් තවදුරටත් ඒවා විමසා බැලීමටත් බලාපොරොත්තු වෙනවා”.

෴ හර්ෂණ තුෂාර සිල්වා

Classified_Ad