එමිරේටයට නව ජනපතිවරයෙක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Stay Safe

May 15, 2022

එමිරේටයට නව ජනපතිවරයෙක්

sample-ad-complete-big
uae-2
එක්සත් අරාබි එමිරේට්ස් ජනාධිපති ධුරය හෙබවූ ෂෙයික් කලීෆාගේ අභාවයෙන් පසු, නව ජනාධිපති ලෙස ෂෙයික් මොහොමද් බින් සයාද් අල් නහායාන් එම ධුරයට පත් විය‍. 2014 වයසරේ පටන් වසර ගණනාවක් තිස්සේ රෝග රැසකින් පීඩා විඳි ෂෙයික් කලීෆා පසුගිය 13 වැනිදා අභාවප්‍රාප්ත විය. ඒ හෘදයාබාදයකිනි. 

නව ජනාධිපති ලෙස එම ධුරයට පත් වුණු ෂෙයික් මොහොමද් බින් සයාද් අල් නහායාන්, ෂෙයික් කලීෆාගේ අඩ සොහොයුරාය. ෂෙයික් කලීෆා රෝගී වී සිටියදී, නිල නොවන ජනාධිපති ලෙස කටයුතු කළේ ෂෙයික් මොහොමද් බින් සයාද් අල් නහායාන් ය. 

61 හැවිරිදි ෂෙයික් මොහොමද් බින් සයාද් අල් නහායාන්, හමුදා සොල්දාදුවකු ද වෙයි. ෂෙයික් මොහොමද් බින් සයාද් අල් නහායාන්, ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍ය ඇතුළු බටහිර රටවල සමීප මිතුරෙකි. ෂෙයික් මොහොමද් බින් සයාද් අල් නහායාන් ට සුබ පැතීමට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් කටයුතු කළේය. 

ඇමෙරිකන් උප ජනාධිපති කමලා හැරිස් ඇමෙරිකන් නියෝජිත කණ්ඩායමක් ද සමඟ හෙට (16) එමිරේට්ස් රාජ්‍යයට පැමිණ නව ජනාධිපති ෂෙයික් මොහොමද් බින් සයාද් අල් නහායාන් හමුවීමට ද නියමිතය‍. මේ අතර, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ද පවසා ඇත්තේ තමන් එමිරේට්ස් රාජ්‍යය බලා යෑමට සූදානම් වන බවය.

෴ උපුටා ගැනීම - Al Jazeera

Classified_Ad