බුකිය ගිනි තැබූ හර්ශි රසාංගා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jul 20, 2022

බුකිය ගිනි තැබූ හර්ශි රසාංගා

නව පරපුරේ රංගන ශිල්පිනියක් විදිහට අතිශය ජනප්‍රියත්වයට පත් වුණු හර්ශි රසාංගා කියන්නෙ සමාජ මාධ්‍ය තුළත් කතාබහට ලක්වන චරිතයක්. හිරු ටීවී ඔස්සෙ විකාශය වන 'ළංවි' ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන ඇය, ඇයටම අනන්‍ය විලාසිතාවලින් බොහෝ දෙනෙක් ආකර්ශනය කරගන්න කෙනෙක්. 
සමාජ මතවලට බයයිද? 
කාලයක් බය වෙලා හිටියා. දැන් එහෙම නෑ. දෙයක් ගැන මිනිස්සු බලන්නෙ එක එක විදිහටනේ. ටැටූස් ගැන කියද්දි ඒක හරි කියන්න පුළුවන්, වැරදි කියන්නත් පුළුවන්. මම පුද්ගලිකව ආස දෙයක්. මට ආදරේ කරන කට්ටිය මගේ ටැටුස්වලට බනින් නෑ. හැබැයි මොකක් හරි වරදක් හොයන අය ඒකට බනිනවා. දැනට ටැටූස් 8ක් තියෙනවා. රංගන ක්ෂේත්‍රයෙන් අයින් වුණ දාක ගොඩක් ටැටූස් තියෙයි. 

බුකියේ කතාබහට ලක්වුණා ඔබ නොකරපු වැරැද්දකට මිනිස්සු දේවල් කියලා තිබුණා. ඒකට දුක හිතුණද?
ඇඬුණද? 
ඇත්තටම මගේ පවුලේ කට්ටිය මාත් එක්ක හිටියා. මට එතැනදී කඩා වැටෙන්න දෙයක් තිබුණේ නෑ. මට ඔප්පු කරන්න දෙයක් තිබ්බ හින්දා. හැබැයි මගේ ළඟ ඔර්ජිනල් එක තිබ්බේ නැත්තම් මම කඩා වැටෙන්න පුළුවන්. මොකද මට ඔප්පු කරන්න විදිහක් නැති නිසා. මම ලයිව් ගිහින් කිව්වවත් මිනිස්සු මාව විශ්වාස කරන් නෑ. මම කියන්නෙ ඒ වෙලාවේ අම්මා තාත්තා මා ළඟ හිටියා. ඒගොල්ලො මාව විශ්වාස කළා. ඒගොල්ලො දන්නවනේ මම කවුද කියලා. හර්ෂි රසාංගව හරියටම දන්නේ පවුලේ අය. ඒ අය මට වැටෙන්න දුන් නෑ. 
ඔබ මොකද්ද දෙන පණිවුඩය ? කාන්තාවක් විදිහට?
ඇත්තටම මේක මට චුට්ටක් හරි දැණුනාන‍ේ. මට දැණුනා මේක ඔප්පු කරගන්න බැරිවුණොත් කියලා. ඇත්තටම ඔහොම ලීක්වෙලා හරි, එඩිට් කරලා හරි දාලා ඔප්පු කරගන්න බැරිවුණොත්, මිනිස්සු ඒවට හිනාවුණොත් ජීවිතයක් නැතිවෙන්න පුළුවන්. ඒක හදන්නෙ පිරිමි කෙනෙක්නේ. කොල්ලෙක් හරි කෙල්ලෙක් වෙන්න පුළුවන්. ඒක එයාට ආතල් එකක් විතරයි. එයා මනුස්සයෙක්ගේ ජීවිතයක් එක්ක සෙල්ලම් කරන්නේ. විව්ස් වලට ඒවා කරන්න එපා. පර්සනල් ඇරියස් එකක් වෙන්නත් පුළුවන්. ජීවිතයක් එක්ක ඇත්තටම සෙල්ලම් කරන්න එපා. මම නම් කියන්නෙ මම ශක්තිමත්. අම්මලා හිටිය නිසා. අම්මලා නැති ළමයි ඉන්නවා. එහෙම කෙනෙක්ට වුණොත්.
෴ උපුටා ගැනීම - සාරවිට
ඡායාරූප - මුහුණු පොතෙන්

Classified_Ad

Classified_Ad_News_Bottom